චීනයේ අත්භුත නියුමෝනියාව වාර්තාගත ලෙස ඉහල යයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවාන මාධ්‍ය ආයතනයක් වන එෆ්ටීවී නිවුස් මේ සම්බන්ධයෙන් වාර්තා කළේ, බීජිං, ලියාඕනිං සහ උතුරේ අනෙකුත් ස්ථානවල ළමා රෝහල් අසනීප දරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවත්, බලධාරීන් වසංගතයක් වසන් කරමින් සිටින්නේද යන්න සැක කරන බවයි.

චීනයේ දරුවන් අතර පොකුරු වශයෙන් වාර්තාවන ස්වසන රෝග වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ග්ලෝබල් ටයිම්ස් අඟහරුවාදා වාර්තා කළේ බීජිං ළමා රෝහලට දිනකට රෝගීන් 9,378 ක් දක්වා ලැබෙන අතර පසුගිය මාස දෙක තුළ එහි පූර්ණ ධාරිතාවය පැවති බවයි.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, බීජිං, ලියාඕනිං සහ චීනයේ වෙනත් ස්ථානවල ළමා රෝහල්වල හඳුනා නොගත් නියුමෝනියාව වැඩි වීමක් නිරීක්ෂණය කරන බවත්, දරුවන් අතර ව්‍යාප්ත වන නියුමෝනියා තත්වයන් පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු බීජිං වෙතින් ඉල්ලා නිල ඉල්ලීමක් සිදු කළ බවත්ය.

තායිවාන මාධ්‍ය ආයතනයක් වන එෆ්ටීවී නිවුස් මේ සම්බන්ධයෙන් වාර්තා කළේ, බීජිං, ලියාඕනිං සහ උතුරේ අනෙකුත් ස්ථානවල ළමා රෝහල් අසනීප දරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවත්, බලධාරීන් වසංගතයක් වසන් කරමින් සිටින්නේද යන්න සැක කරන බවයි.

තත්වය සම්බන්ධයෙන් චීන බලධාරීන් සන්සුන්ව සිටින ලෙස ඉල්ලා ඇති අතර, ඉරිදා පැවති මාධ්‍ය හමුවකදී ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පළාත් පාලන ආයතන හරහා තවත් උණ සායන විවෘත කරන ලෙසත්, ඒවායේ සේවා කාලය දීර්ඝ කරන ලෙසත්, ඖෂධ සැපයුම වැඩි කරන ලෙසත්, මුහුණු ආවරණ පළදීම නිතර වාතාශ්‍රය ලබා දීම සහ නිතර අත් සේදීම යන සනීපාරක්ෂක පුරුදු පිළිපදින ලෙසත් සැමට මතක් කර දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...