*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රෙහාන්ගේ පැසුණු ඉණිම කොළඹ දකුණට සූරතාවය සඳහා පාර කපයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන්නට යෙදුණ ප්‍රීමා කුසලාන අවුරුදු 15 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද නිමාව දුටුවේ කොළඹ දකුණ කණ්ඩායමට ජය හිමි කර දෙමින්ය.අනු සූරතාවය කොළඹ උතුර කණ්ඩායමට හිමි විය.


තරගාවලිය ආරම්භයේදී ම මේ තරගාවලය සඳහා කොළඹ දකුණ කණ්ඩායම ප්‍රවිශ්ඨ කරමින් විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කළ රෙහාන් පීරිස් ලකුණු 101 ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉණිමක් දියත් කරන්නට සමත් වියතඅවසන් තරගය තෙක්ම එම ශතකය මේ තරගාවලියේ එකම ශතකය ලෙස සටහන්ව තිබිණ.අවසාන තරගයේදී මේ තරගාවලියට සම්බන්ධ දෙවන ශතකයද වාර්තා විය.එය ද රෙහාන්ගේ පිත්තෙන් වීම විශේෂයකි.


දෙවන ශතකය වැදගත්ය.එය අවසාන තරගයක දී එම මානසික මට්ටම පාලනය කර ගනිමින් ලබා ගැනීම සුවිශේෂි වැඩකි.එහිදී තවත් වැදගත් කාර්යයක් වන්නේ රෙහාන් මේ ශතකයේදී පෙන් වූ ඔහුට පිතිකරණයේ ඇති හැකියාවය.හොඳ පිතිකරුවෙක්ට අවශ්‍යය සංයමය,ශික්ෂණය සහ අවශ්‍යය විට මොහොතට සාපේක්ෂව වේගවත්වීමට සහ ඉවසීමෙන් කල්පනාකාරීව ලකුණු රැස් කරන්නට ඇති හැකියාව ආදි මේ සයලු දේ රෙහාන්ගේ ඉණිම තුළ දිස්විය.


පන්දු 127 දී ලකුණු 129 ක් රැස් කළ රෙහාන් අර්ධ ශතකය සඳහා පිවිසුණේ මන්දගාමී ගමණින්ය.පන්දු 86 ක් ඒ සඳහා වැය විය.එතරම් ඉවසීමක් සහ සංයමයක් කරා රෙහාන් ගෙන ගියේ ඔහු සමඟ ඉණිම ඇරඹූ හිරුන් මතීශ ලකුණු 5 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමය.එවිට මුළු ලකුණු ප්‍රමාණය 11 ක් විය.එතැන සිට කඩා වැටුණු ඉණිම ගොඩ නැඟීමේ බර රෙහාන් සිය උරමතට දරා ගත්තේය.ඒ සඳහා හොඳින් දායක වූ ලහිරු සඳකැන් ලකුණු 40 ක් ලබමින් රෙහාන් සමඟ ලකුණු 110 ක සබඳතාවයක් ගොඩ නඟන්නට රෙහාන් සමඟ එක් විය.


තෙවන කඩුල්ල ලෙස රෙහාන් දැවී යන විට ලකුණු පූවරුව සඳහන් වුයේ ලකුණු 117 ක් ලෙසය.තෙවන කඩුල්ලේ සබඳතාවය ලකුණු 117 ක් විය.ඊට දායක වූ ජේෂන් ප්‍රනාන්දුට සම්පූර්ණයෙන්ම එය යම් කිසි ආකාරයක ආසන්නයේ සිට සුපිරි පිතිහරඹයක් නරඹන්නට ලැබුණ අවස්ථාවක් විණි.ඔහු ලකුණු 19 න් පමණක් දායක විය.ලකුණු 117 වාර්තා වන්නට ගියේ පන්දු ඕවර් 11.1 ක් පන්දුවක් පමණි.රෙහාන් සිය දෙවන ලකුණු 50 ට වැය කළේ පන්දු 30 ක් පමණක් වන අතර පළමු 50 දී හයේ පහර තුනක් එල්ල කර සිටි රෙහාන් සිය ඉණිම නිමා කරන විට හයේ පහර 10 ක් සිය ඉණිමට එකතු කර ගෙන තිබිමෙන් ඔහුගේ ප්‍රහාරාත්මක හැකියාව ගැන කෙනෙකුට අදහසක් ඇති කර ගැනීමට අපහසුවක් නැහැ.
මේ සුපිරි ඉණිම නිසා කඩුලු 8 ලකුණු 256 ක් කරා ගිය කොළඹ දකුණ කණ්ඩායම ලබා දුන් ඉලක්කය ඉදිරියේ කොළම උතුර කණ්ඩායම ලකුණු 170 ට දැවී ගියා.මෙහිදී ඔවුන්ට එල්ල වූ ලකුණු 256 ක් පීඩනය ඉදිරියේ ඇති කර ගත් අනවශ්‍යය කළබලය නිසා දුවද්දී දැවී යාම් තුනක් වාර්තා වූ අතර ඒ අතර වේගවත් ප්‍රහාරයකට මුල පුරමින් පන්දු 14 න් ලකුණු 23 ක් එකතු කළ යෙනුල දන්තනාරායන ගේ දැවී යාම කොළඹ උතුර කණ්ඩායමට දැඩි සේ බලපෑවා.කඩුලු එක පිට එක වැටෙද්දී මනා සංයමයකින් ලකුණු 47 ක් රැස් කළ සදීශ සිල්වා ගේ තිබුණ නිර්භිතකම ඉතා ඉහළින් අගය කළ යුුතු වෙනවා.තාක්ෂණික වශයෙන් ඉහළ මට්ටමකින් පන්දුවට පහර දුන් සදීශ ඒ ඉණිම එක්වරම මතු වූ කලබලයකින් නිමා කර ගත්තේ අවාසනාවන්ත ලෙස අර්ධ ශතකය අහිමි කර ගනිමින්.


තරගයේ ලකුණු විස්තරයට මෙන්ම අප මේ තරගවාලිය ආරම්භයේදීම රෙහාන් ගැන තැබූ සටහනට ද පහතින් පිවිසිය හැකියි.


අවසන් තරගයේ වීරයා ලෙස රෙහාන් නම් කළ අතර,වැඩිම කඩුලුලාභියා ලෙස ඇගයීමට ලක් වුණේ හිමරු දේශාන් ය.තරගාවලියේ හොඳම පිතිකරු ලෙස යසිරු ලක්ෂාන් ගෞරවයට පාත්‍ර වුණා.

ලකුනු විස්තරය
https://srilankacricket.lk/other/?type=scorecard&mId=599&cId=31&dId=1&sId=112
රෙහාන් ගැන පෙර සටහන
https://sinhala.lankanewsweb.net/11/22/83294/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan