කොළඹ LNW:පලස්තීනයේ නිදහස වෙනුවෙන් ඊයේ (29) කොළඹදී ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය සමරනු ලැබීය.
අධිරාජ්‍යවාදී ඊශ්‍රායල් ආක්‍රමණය අවසන් කර නිදහස් පලස්තීනයක් ගොඩනැගීමයි එහි අරමුණ වී තිබුණේ.
වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන නියෝජිතයින්,සියලුම ආගමික නායකයින් හා මෙරට පලස්තීන තානාපති නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටින ආකාරය දක්නට ලැබුණි.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීම මෙන්ම ප්රජාතන්ත්රවාදී ලෝකයක් ගොඩගැනීමේ අරමුණින් එම වැඩසටහන පැවැත්වුණ අතර ඊට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද පණිවිඩයක් එවා තිබුණි.
එහි මුඛ්‍ය දේශනය මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහටහ විසින් සිදුකරන ලදී.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න!