ශ්‍රවණ සහ කථන ආබාධ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග පහකට නවදිල්ලියට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 30,(LNW) කොළඹ :

දෙසැම්බර් දෙවැනිදා සිට අට වෙනිදා දක්වා පැවත්වෙන එක්දින තරග පහකින් සමන්විත ඉන්දීය – ශ්‍රී ලංකා ශ්‍රවන සහ කථන ආබාධිත කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ශ්‍රවණ සහ කථන ආබාධිත ක්‍රිකට් කණ්ඩායම නවදිල්ලිය බලා පිටත්ව ගියා.දෙසැම්බර් පළමු වැනිදා පැවත්වෙන පුහුණු සැසියකින් පසුව දෙසැම්බර් දෙවැනිදා සිට ශ්‍රී ලංකාව පළමු තරගයට සහභාගි වීමට නියමිතව තිබෙනවා.දෙවන එක්දින තරගය පැවත්වෙන්නේ තුන්වැනි දිනයි.


දෙසැම්බර් සිව්වන දින විවේක දිනයක් ලෙස සැළකෙන අතර යළිත් පහ සහ හය යන දෙදින තුළ තෙවන සහ සිව්වන එක්දින තරග පැවත්වෙනවා.හත්වනදා තරගයක් නොපැවත්වෙන අතර අටවන දින ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පස්වන එක්දින තරගය පැවත්විමට නියමිතව තිබෙනවා.


ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම් දෙක හමු වූ අවස්ථාවේ දී තරගය සුපිරි ඕවරය දක්වා ඇදී යන්නට තරම් තරගකාරී තියුණු ස්වභාවයක් ගත් අතර එයින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නට සමත් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...