ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ ජලයෙන් යටවෙයි!

0
348

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ (LNW):

අධික වර්ෂාවත් සමග ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ ජලයෙන් යටවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ජලය බැස යාමෙන් පසු වගා හානිය තක්සේරු කරන බව, එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේය. ජලගැලීම් හේතුවෙන් විනාශයට පත් භෝග වර්ග 6 ක් සඳහා වන්දි පිරිනමන බවත්, ඒ අනුව වී, අර්ථාපල්, බඩ ඉරිඟු, ලොකුලූණු, සෝයා හා මිර්ස් පූර්ණ හානිවූ වගාබිම් සඳහා අක්කරයකට රුපියල් 40,000ක් වන්දි වශයෙන් ලබා දෙන බවත්, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.