කොළඹ LNW:ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩ කර ඇති බව ඊයේ (29) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.
ඒ,ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ නඩුකරය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී කඳවු අවස්ථාවේදීය.
මෙම සිද්ධියට අදාළව හිටපු කැබිනට් ඇමතිවරුන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබුණි.
ඒ අනුව නඩුව කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධීකරණයට දැනුම් දුන්නේ නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රනායක, කාංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, නලින් ප්‍රනාන්දු, ජගත් පුශ්පකුමාර යන හිටපු අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.
අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දී ඇත්තේ හදිසි ඖෂධ මිලදී ගැනීමට අවසර නොදුනහොත් සතියක් තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බවට එම කැබ්නට් පත්‍රිකාවේ සටහන්ව තිබුණු හෙයින් බවට සෙසු අමාත්‍යවරු සිය ප්‍රකාශ මඟින් පවසා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධීකරණයට පවසන ලදී.
විශේෂයෙන් එහිදී දක්වා සිටි කරුණක් වූයේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලබා දී තිබුණු ප්‍රකාශයයි.
ඔහු පවසා ඇත්තේ කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී එහි ඇතුළත් කරුණු තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීම වන අතර එමෙන්ම අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අමාත්‍යවරයා සෑහිමකට පත්වෙනවා නම් පමණක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවටත්ය.
එවැනි පසුබිමක ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොකර අදාළ කැබිනට් පත්‍රිකාව කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙන බවටයි ගිරිහාගම මෙනවිය පැවසුවේ.
මේ අතර හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සඳහන් කර ඇත්තේ අදාළ ඖෂධ මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදුකරන බව හෝ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගන්නා බව දැන සිටියානම් කිසිසේත්ම ඊට අවසර නොදෙන බව යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ පැවසීය.
එබැවින් මෙම කරුණු මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම තුළ කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව පැහැදිලි වෙන බවයි ඇය සඳහන් කළේ.
එමෙන්ම ඉදිරියේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත ටිරාන්, අලස් මහින්ද අමරවීර යන අයගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද ඇය ප්‍රකාශ කළාය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම නඩුවේ පළමු සැකකරු වන සුදත් ජනක ප්‍රනාන්දු සහ ඇප මත මුදාහැර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්රමුඛ සෙසු සැකකරුවන් 10 දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ඖෂධ සැපයූ සැපයුම්කරු දෙසැම්බර් 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර නඩුකරය යළි පෙබරවාරි 21 වැනිදා කැඳවීමට නියෝග කළාය.
ආශිකා බ්‍රාහ්මණ