රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ (LNW):
පසුගිය දා ගංවතුරෙන් යටවූ උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර, මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කර දමන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවට දැනුම් දෙයි.
2024 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,448කි.
19,487 ක් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් ය. ඩෙංගු වැළදීමෙන් 22 දෙදෙනෙකු මිය ගොස් ඇති බවද වාර්තා වේ.