පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පක්ෂ ජාති ආගම් පන්ති හෝ වෙනත් භේදබින්න වීම්වලින් තොරව පලස්තීන ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් රටක් ලෙස එකට එකතු වී ඇති බවත් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන්ට යුක්තිය හිමිවිය යුතු බවත් ඒ සඳහා ජාත්‍යන්තරය සමග අත්වැල් බැදගෙන කටයුතු කළ යුතු බවත් කතාවලට නිවේදනවලට සීමා නොවී පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනි සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම පලස්තීනය විනාශ කිරිමේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව රජයත් සමග එකට නැගී සිටින බවත් පෙනී සිටින බවත් එක ස්ථාවරයක සිට පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඊශ්‍රායල ප්‍රහාරවලින් විපතට පත් පලස්තීන ජනතාවට සහන දෙන විට, එම ජනතාව ජීවත් වන තැන්වලට බෝම්බ දැමීමට විරුද්ධව ලෝක නායකයන් ද පෙරට ආ යුතු බවත් කතාව පමණක් නොව ක්‍රියාව ද තිබිය යුතු බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තවද මේ ඊශ්‍රලය සහ පලස්තීනය යන රටවල් දෙක සහෝදරත්වයෙන් සංහිදියාවෙන් යුක්තව එකට එකතු වී ජීවත් වන යුගයක් වෙනුවෙන් සැවොම කැපවිය යුතු බවත් ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටි⁣යේ ඊයේ (නොවැම්බර් 29) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවැති United Nations Day for Solidarity with Palestine People සමුළුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...