මාවිල්ආරු වැවේ බැම්ම බිදී යයි: 121 දෙනෙකු යුධ හමුදාව විසින් මුදවා ගනී..

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

මාවිල්ආරු වැවේ බැම්ම බිඳී තිබීම හේතුවෙන්, මේ වනවිට මාවිල්ආරු ප්‍රදේශය අනතුරුදායක තත්ත්වයක පැවතීම හේතුවෙන් වහාම ආරක්‍ෂිත ස්ථාන කරා යොමු වන ලෙස දැනුම්දී තිබේ.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයකින් දැනුම්දී ඇත්තේ, ජනතාවට හැකි හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාවෙ විසින් මේ වනවිට 121 ක් දෙනෙකු ඉන් මුදවාගෙන ඇති බවද වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සහ රාජ්‍යයන්ත්‍රණය මේ වන විට මැදිහත් වෙමින් තිබෙන බව වාර්තා වේ.

තවද, කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පැවති කාලගුණ තත්වය හේතුවෙන් මාර්ගය දෙපස පිහිටි ගස් මාර්ගයට කඩාගෙන වැටුණු අවස්ථා කිහිපයක්ම වාර්තා වූ අතර. බැඳිවැව සහ පොළොන්නරුව දීප උයන ඉදිරිපිට මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වන පරිදි ගස් කඩා වැටීමෙන් වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

පොළොන්නරුව මහා නගර සභා පුරපතිගේ උපදෙස් මත පොළොන්නරුව මහා නගර සභා ගිනි නිවීමේ ඒකකයේ පුර්ණ මැදිහත් වීම සමගින් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ මහා මාර්ග දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් එම බාදක ඉතාමත් කෙටි වෙලාවක් තුළ මාර්ගයෙන් ඉවත් කර වහාන ගමනා ගමනයට සුදුසු තත්වයට සකසා දීමට හැකියාව ලැබී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...