ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

මේ වනවිට, පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’ ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යන කේන්ද්‍රීය අමාත්‍යාංශ සහ ඒ යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන මණ්ඩලය යන ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන නිලධාරීන් කණ්ඩායමක් එම මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කිරීමට නියමිත අතර එම ආයතනවල සියලුම විෂයන් සඳහා සම්බන්ධීකරණ හා පහසුකම් සපයන ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස එහි කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළ බව සඳහන් වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ  ආපදා තත්ත්වය පහව යාමත් සමග ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැය : සංවර්ධනයට මුල් තැන

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: 2027 වසරේ සංවර්ධන අරමුදල්...

2027 අයවැය : මාර්ග සංවර්ධනයට බිලියන 487ක්

දුම්රිය මාර්ග ද ඇතුළුව මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම...

මෑත ඉතිහාසයේ අපේක්ෂිත ආදායම ඉක්මවා උපයා ගත එකම ආණ්ඩුව අපි – ජනපති අයවැය කතාවේදී කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වසර 68කට පසු අයවැය හිඟයේ අඩුම අගය...

විදේශ අධ්‍යාපන සහතික ප්‍රශ්න කිරීමත් සමඟ ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉන්දුනීසියානු උප ජනාධිපති,...