A සහ B කාණ්ඩවල ඉදිරි ගමන තීරණය වෙයි

Date:

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික තරග සඳහා ඒ සහ බී කාණ්ඩවලින් පරාජිතයන් පිටු දැකීමේ දෙවන වටයේ කණ්ඩායම් 16 අතරට මුල්ම කණ්ඩායම් හතර ඊයේ තීරණය වුණා.ලීග් ක්‍රමයට පැවත්වෙන ප්‍රථම වටයේ තරග ඒ සිට එච් දක්වා කාණ්ඩ අටක් යටතේ පැවත්වෙන අතර එම කාණ්ඩ අතරින් ඒ කාණ්ඩයෙන් නෙදර්ලන්තය සහ සෙනෙගාලය දෙවන වටයට සුදුසුකම් ලබා ගත්තා.තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක කටාරය පරාජය කරමින් ජයග්‍රහණය හිමි කර ගත් ඉක්වදෝරය සෙනෙගාලය හමුවේ ගෝල 2-1 සේ පරාජයට පත්වෙමින් දෙවන වටයට පිවිසීමේ අවස්ථාව අහිමි කර ගත්තා.නෙදර්ලන්තය එම කාණ්ඩයෙන් අපරාජිතව දෙවන වටයට පිවිසි එකම කණ්ඩායම වූ අතර ඔවුන් තරග දෙකක් ජයගෙන එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කළා.


බී කාණ්ඩයෙන් දෙවන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලැබුවේ එංගලන්තය සහ ඇමෙරිකාවයි.එම කණ්ඩායම් දෙකම අපරාජිතව දෙවන වටය පිවිසුන ද,එම කාණ්ඩයේ මුල් තැන හිමිවන්නේ එංගලන්තයට යි.ඔවුන් තරග දෙකක් ජයගෙන එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කර තිබෙනවා.ඇමෙරිකාව තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමා කර එක් තරගයක් ජයගෙන තිබෙනවා.ප්‍රථම වටයේ මේ දක්වා වැඩිම ගෝල එකතුව සහිත කණ්ඩායම වන්නේද එංගලන්ත කණ්ඩායම වන අතර ඔවුන් ගෝල 9 ක් රැස් කර තිබෙනවා.මේ වන විට අනිත් කාණ්ඩයන් හී දත්ත විමසද්දී එංගලන්තය අභිබවා යා හැකි යැයි විශ්වාස කළ හැකි වන්නේ ස්පාඤ්ඥයට පමණයි.ඔවුන් තරග දෙකක් අවසානයේ ගෝල 8 ක් රැස් කර තිබෙනවා.


ඉහත ජයග්‍රහණ සමඟ දෙසැම්බර් 3 වන දා දෙවන වටයේ කණ්ඩායම් 16 අතරේ පැවත්වෙන පළමු තරගයට නෙදර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සහභාගි වෙනවා.එංගලන්තය සහ සෙනෙගාලය තරග වදින්නේ දෙසැම්බර් 5 වන දිනයි.මේ සටහන සමඟ වන ඡායාරූපයේ සිටින්නේ මේ දක්වා වැඩිම ගෝල සංඛයාවක උරුමයට හිමිකම් කියන එංගලන්ත කණ්ඩායමයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...

බිහිසුණු බස් අනතුරක්. එක් අයෙකු මරුට. 22 දෙනෙකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල මොනරාගල වැලියාය ප්‍රදේශයේදී අද (අගෝස්තු 16)...

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...