මෙරුවනි, මේ ගීය ඔබටයි ….

ගැඹුරු අඳුරු සෙවනැලි
වැටී ඇති මාවතක
තටුගසා ඉගිලෙන මෙරුවනි
මේ ගීය ඔබටයි !

ආලෝක බින්දුවක් දුර ඈත දැක දැක
මෑත වෙහෙසව හතිලන ඉකිලන
හීනෙනුත් තිගැස්සෙන ඇහැරී බියවන
යලි කිසිදාක ස්මරණ නොකරමියි පවසන

මේ අඳුරු මාවතෙන් ඉක්මනින් නික්මෙන්න !!

ගැඹුරු අඳුරු සෙවනැලි
වැටී ඇති මාවතක
තටුගසා ඉගිලෙන මෙරුවනි
මේ ගීය ඔබටයි !

වනපෙත මැදින් වැටී ඇති බොරළු මග
දෙපස අතුපතර මැද මැසිමාරන් සැඟව ඇති
කොතරම් වෙහෙස දැනුනත් දෑස නම් නොපියනු
ඇසිපියලි හලන මොහොතත් ලතැවුලට හේතුවකි

වෙනදාට වැඩියෙන් දෑස් දල්වන් ඉන්න !!

ගැඹුරු අඳුරු සෙවනැලි
වැටී ඇති මාවතක
තටුගසා ඉගිලෙන මෙරුවනි
මේ ගීය ඔබටයි !

ශේෂ වූ පැතුම් ඇති ඉස ගලේ ගසාගෙන
වැලපිලා තැවිලා සුසුම්ලා අහවරව
ඉගිලෙන්න පියාපත් විදාලන මොහොතෙදි
හිස වූ මහ බරෙන් අඩක් වත් හැරයන්න !

ආලෝකය ඉපදී, පවතී නැතිවී යයි !
එබැවින් යුහුසුළු වන්න !

මේ කල්පාවසානයෙහි ස්තුති කථාවේ
මෙරුන්ගේ පරිච්ඡේදයෙහි කොටසක් වන්න !!

ගැඹුරු අඳුරු සෙවනැලි
වැටී ඇතිමාවතක
තටුගසා ඉගිලෙන මෙරුවනි
මේ ගීය ඔබටයි !

~ MKCP ශෂීන්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...