රටේ මුදල් ඉතිරිකරගන්න නම් මෙහෙම කරන්න – හර්ෂණ රාජකරුණා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා රජයෙන් විශෙෂ ඉල්ලීමක් කරයි. ඒ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

ඔහු පවසන්නේ, මෙමඟින් විශාල මුදලක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.

රටට අවශ්‍ය කර තිබෙන්නේ ජන මතයක් තිබෙන නායකයකු සහ ආණ්ඩුවක් බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සමඟි ජන බලවේගය යන ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ, රට මුහුණදී තිබෙන ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයෙන් රට බේරා ගැනීමට තිබෙන එකම විසඳුම සමඟි ජන බලවේගය බවත් , රටේ වත්මන් තත්ත්වය වෙනස් කිරීමට සමඟි ජන බලවේගය නායකත්වය ගැනීමට සූදානම් බවත්ය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කීයා සිටියේ, මැතිවරණ දෙකම එකම දිනකදී පැවැත්වීමට අදාළව නීතිමය වෙනසක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සහාය දීමට පක්ෂය සූදානම් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...