අම්බුළුවාට කේබල් කාර් ව්‍යාපෘතියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සංචාරකයින්ට නවමු අත්දැකීමක් එක් කිරීමේ අරමුණින්, ගම්පොළ, අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි. මෙරට සංචාරක ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රුපියල් කෝටි 147ක (අමෙරිකානු ඩොලර් මිලියන 4.5) මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇති බව සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු ආගමික අභයභූමිය සහ ජෛව විවිධත්ව කලාපය වන අම්බුළුවාවේදී ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම සඳහා මෙම ගිවිසුම අත්සන් කර ඇති බව වාර්තා වේ.

මේ සඳහා ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ගිවිසුමක් අත්සන් කර ඇති අතර මෙම ගිවිසුම අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් සිදුවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසා සිටී.

චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් කෝපරේෂන්හි තාක්ෂණික සහ නිෂ්පාදන විශේෂඥතාව උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් රථය ඉදි කරන බව ද ආයෝජන මණ්ඩලය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...

පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...

ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්‍රය දැඩි මර්දනයක

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...