*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ඩස්පින් – “සළු සහ හෙළු”

කච්චිය පිච්චියට ගියත් රෙදි අඳින්නෙ නැත්තෙ බල්ලො,විශ්මිත ගල් වඩුවා දන්න රෙද්ද…
මානසික මට්ටමේ පොඩු ප්‍රශ්නයක් තියෙන අසල්වැසියෙක් ඉන්නවා.කාලෙකට මනුස්සයගෙ මනස අවුල් වුණාම ඉතිං කාලීන කතාවක් හදාගෙන මනුස්සය නිර්මාණය කරගත්තු කතාවක් කිය කිය පාරෙ ඇවිදින එක තමයි වැඩේ.සමහර වෙලාවට ඒ කතාවලට මනුස්සයම හදාගත්ත අපූරු පසුබිම් කතාවකුත් තියෙන නිසා මං කළේ හෙමින් මනුස්සයාව කතාවට අල්ලගත්ත එක.


ඇයි අයියා බල්ලො ගැන එහෙම කියනවා අහලා නැද්ද?
මනුස්සය කතාවට එළඹුණේම ප්‍රශ්නයක් අහගෙන.
ගල්වඩුවො හිටියේ කොච්චර ඉස්සර ද අයියෙ.එයාලා දන්න දෙයක් නැහැ.අවුකන පිළිමෙට සිවුරු පිරෙව්වෙ දොස්තර කෙනෙක්.එයා දන්නෙ නැද්ද?
මනුස්සය මගෙන් අහනවා.
හැබැයි දැන් ඉතිං කියන හැටියට දොස්තර කෙනෙක් නෙමෙයිලු නේද?
ඒ වුණාට ජනතාවට පිළිගන්න වෙනවා ඒක.චමුදිතලා හරි ලහිරුලා හරි දොස්තර කියලා හිතලා ඒ අය එක්ක කතා කරනවනම් අපිට පිළිගන්නෙ නැතුව බැහැනෙ.
මනුස්සය තව තර්කයක් ගෙනාවා.
ජනතාවගේ නාලිකා,ජනතාවගෙ මාධයවේදියො ඒ අයව ගෙනත් කතා කරනවනම් එයාලා දොස්කරලා නෙමෙයි කියන්නෙ කොහොමද?
මනුස්සය වැඩේ අත අරින්නෙම නැහැ.


එයාලා ඉතිං එහෙම වෙන්නෙ කොහොමද කියන එකනෙ ප්‍රශ්න කරන්නෙ.
මං එහෙම කිව්වම මනුස්සය කටින් වාතයක් පිට කරනවා වගෙ ශබ්දයක් දාලා මට ඇඳ කළා.
අයියත් දන්න රෙද්ද.අවුරුදු දහස් ගාණක් පරණ කෙනෙක් කරපු පිළිමවගෙ නෙමෙයි අද තාක්ෂණය දියුණුයි.අද කාලෙ කෙනෙක් ඕක කරානම් කරන්නෙ ටයිල්වලින්.ඊට පස්සෙ සිවුර තියෙන හරිය ආවරණය වෙන්න චීන ටයිල්වලින් කහපාට ටිකකුත් අල්ලනවා.
මනුස්සය මානසික අවුලක් තිබුණත් ඉතිං මේ කියන එවා අහගෙන ඉන්න බැහැනෙ.
ටයිල් වෙනයි,මේක වෙන තාක්ෂණයක්.ඒකෙ සිවුරෙ රැලි පවා සියුම් විදිහට හදලා තමයි පිළිමෙ නෙළලා තියෙන්නෙ.

මාත් මනුස්සයගෙ කතාවට උත්තර බැන්ද…
ගල්පාට සිවුරු දැකලා තියෙනවද? ඉතිහාසය පුරාම සිවුරක් නැතුව වැදපු මිනිස්සු දැන් නිරුවත් වෙලා.ඒකයි ඔය කෑ ගහන්නෙ.
ඒ කතාවනම් ටිකක් බරපතලයි.මට පිස්සු හැදෙන මට්ටමේ කතාවක්.
එහෙම කියන්න බැහැනෙ පුරා විද්‍යා වටිනාකමක් තියෙන එකක්නෙ.අනික ඔයා අර මීඩියාවලට ගෙනාවා කියන කතාව පිළිගන්නත් බැහැ.ඒ ගෙනාවේ ඒ අයව ප්‍රශ්න කරන්න.

මං මනුස්සයගෙ මානසික තත්ත්වයත් නොසළකා තර්ක කරන්න වැටිලා කියලා හිතුණත් ඒ විදිහට කියන්නෙ නැතුව බැරි වුණා.
අනේ යන්න අයියෙ.ඒ අයට තමන්ට දොස්කර කියන හේතුව සාධාරණයි කියලා පෙන්නන්න තමයි ඒ අයව සාකච්ඡාවට ගෙනාවෙ.ඊට පස්සෙ ඉතිං මේ රටේ කී දාහක් මිනිස්සු ඒ අයව දැන ගත්තද?ඒ අයගෙ ප්‍රතිකර්ම පිළිගත්තද? අයියට මං හිතන්නෙ පොඩ්ඩක් මනස අවුල් වගෙ.චමුදිත වගෙ කෙනෙක් හඳුනනවනම් විශ්මිත වෛද්‍යවරයෙක් හොයාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මේ කතාවල අහක දාන්න බැරි දේවල් තිබුණත් මානසික අවුලක් තියෙන කෙනෙක් සාමාන්‍යයෙන් අනිත් එකාට පිස්සුයි කියලා කියන එක සාමාන්‍ය දෙයක් නිසා මං මනුස්සය මේ කතා කියන්නෙ හොද සිහියෙන් නෙමෙයි කියන එක මගේ හිත සුව පිණිස අවධාරණය කර ගත්තා.
මං නිහඬවම පැත්තකට වෙන්න හැඳුවම මනුස්සය ආපහු වහන්න හදන ගේට්ටුව අතින් අල්ලලා මාව එළියට ඇදලා ගත්තා.


අයියා කියන කතාවෙ ඇත්තක් සත්‍යයක් තියෙනවනම් දොස්තරට ස්තූති කරන්න ඕනි හැබැයි.


මට ඒ කතාවටනම් පිස්සුව මාරු වුණා කියලා හිතුණා.
මෙලෝ හැඟීමක් දැනීමක් නැති ගල්පිළිම අවුකන පිළිමය භාරව ඉන්න බවත්,පුරාවිද්‍යාව කියන්නෙත් ඕනි විදිහට ඕනි වන්දනාවක් කරන්න දීලා බලා ඉන්න ගල් පිළිමයක් බවත් ඔප්පු කළේ ඔය දොස්තර මහත්තයා.
මං ඉක්මණට ගෙට පැන ගත්තේ මනුස්සයගෙ අත ගසා දාලා.මට හිතෙන්නෙම මට පිස්සු හැදීගෙන එනවා කියලමයි.
අයියෙ තව කතාවක් අලුත් කතාවක් තියෙනවා අයියෙ.පර්වතයකට නැගලා බුදුන්ට ගල් පෙරලුවත් මහවැලි ඉඩම් හරියට බෙදන්නෙ නැතුව ජනාධිපතිට ගල් පෙරලන්න යන්න එපා කියලා.


මනුස්සය එතැනින් නැවතුනේ නැහැ….
අයියේ සිවුර නෙමෙයි ඕනි රෙද්දක් දැන් නිකං ඇග වහගන්න විතරයි.ලැජ්ජාවකට,සභා්‍යත්වයකට,සංස්කෘතියකට,සදාචාරයකට කියලා හිතනවද ඔයා මුං මේ කරන දේවල් එක්ක.


මනුස්සය එහෙම කියලා එතනින් ගිහිං ටික වෙලාවක් යන්න කළින් ළඟ ගෙදරක පොඩි කට්ටියක් ඊයා කියලා කෑ ගහන සද්දයක් ඇහුණා.ඇත්තටම කිව්වොත් කෑ ගහගෙන දිව්වා බව දැණුනා.ඊට පස්සෙ ඇහුණෙ ඒ දරුවන්ගෙ තාත්තගෙ සද්දෙ.
සරම සාරිය වගෙ කරේ දාගෙන ඉන්නෙ ඕක ඇඳ ගන්නවා.
තමුසෙලට ගල් පිළිමවලට රෙදි නැතුව ඉද්දි වදින්න හොඳයි.මට තමයි ප්‍රශ්න.අනික මං මේ ඇදගෙන ඉන්නෙ සීතම්බර සළු.පිස්සන්ට පේන්නෙ නැහැ.
ඊට පස්සෙ සද්ද කිහිපයක්ම ආවා.හවස ආරංචි වුණා රෝහලේ ඇඩ්මිට් කළා කියලා.මට හිතෙන්නෙම දැන් ඇයි අපි ඇඩ්මිට් නොවෙන්නෙ කියලා.

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan