බ්‍රිතාන්‍යයේ රෝස කුසුම ඩයනාගේ ඇඳුම් වෙන්දේසියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අභාවප්‍රාප්ත ඩයනා කුමරිය බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ හිටපු බිරිය වන අතර, ඇයට අයත් රෝස පැහැති බ්ලවුසයක් සහ සැඳෑ කාලයේදී අඳිනු ලැබූ ගවොමක් වෙන්දේසිගත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලබන මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා ඔන්ලයින් ක්‍රමවේදයට අනුව අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර බෙවර්ලි හිල්ස්හි දී එම ආයිත්තම් වෙන්දේසි කිරීමට නියමිත බව වාර්තා වේ.

අමෙරිකානු ඩොලර් අසූදහසේ සිට ලක්ෂය දක්වා වටිනාකමින් යුතු එම ආයිත්තම් ඩොලර් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා මිලකට අලෙවි වනු ඇතැයි මේ වන විට අනාවැකි පළ වී ඇති අතර, වෙන්දේසියට තැබීමට සූදානම් කර ඇති ඇගේ රෝස පැහැති බ්ලවුසය 1981 වසරේ චාල්ස් සමඟ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේදී නිල ඡායාරූපයට පෙනී සිටීමට ඇය විසින් අඳිනු ලැබූ බවත් වාර්තා වේ.

ලොවපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...