උත්සව සමයේ දී ලොකු ළූණු සහ අර්තාපල්වල මිල ගණන් ඉහළ යාම වළක්වාගැනීමට පියවර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ (LNW):

එළඹෙන උත්සව සමයේ දී ලොකු ළූණු සහ අර්තාපල්වල මිල ගණන් ඉහළ යාම වළක්වාගැනීම සදහා , ආනයනික ලොකු ළූණු සඳහා පැවති රුපියල් 30ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙන බව සඳහන් වේ.

පසුගියදා, දේශීය අර්තාපල් සහ ලොකු ළූණු ගොවීන්ට තම නිෂ්පාදනයන්හි පිරිවැය ආවරණය වන සාධාරණ මිලක් ලබා ගැනීමට හැකිවන පරිදී ආනයනය කරනු ලබන අර්තාපල් කිලෝග්‍රෑම් 1ක් සඳහාවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වාත් ආනයනික ලොකු ළූණු කිලෝ 1ක්  සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ රුපියල් 30ක් දක්වාත් සංශෝධනය කිරීමට රජය කටයුතු කරනු ලැබීය.

ඒ අනුව අදාළ වෙළෙද භාණ්ඩ බද්ධ ඔක්තෝම්බර් මස 3 වන දින සිට නොවැම්බර් මස 30 වනදා දක්වා ක්‍රියාත්මක කෙරුණු අතර, අදාළ කාලය අවසන් වීමෙන් පසු කෘෂිකර්ම පශූ සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ වෙළඳ අමාත්‍යාංශයේ නිර්දේශ සලකා බලා ආනයනය කරනු ලබන අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා වූ රුපියල් 60ක විශේෂ වෙළෙද භාන්ඩ බද්ද එළෙසම පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

රජය පියවර ගෙන තිබෙන්නේ, නමුත් ආනයනික ලොකු ළූණු සඳහා පැවති රුපියල් 30ක් වූ විශේෂ වෙළෙඳ භාන්ඩ රුපියල් 10 ක් දක්වා පහළ දැමීමටයි. පසුගිය නොවැම්බර් 30 වනදා නිකුත්කරන ලද  ගැසට් නිවේදනය අනුව දෙසැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා අදාළ බදු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...