සියළු රාජ්‍ය සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි!

කොළඹ LNW: අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් නොවූ සියළු රාජ්‍ය සේවා අද (01) දිනයේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරයි.

අයහපත් කාල ගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර, රාජ්‍ය අංශයේ අනෙකුත් සේවා සදහා පසුගිය සිකුරාදා දිනයේ දී නිවාඩු ලබා දී තිබුණු අතර ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’ ස්ථාපිත කිරීමට ද කටයුතු කර තිබේ.

ආපදා කළමනාකරණය කිරීම මේ වන විටත් ක්‍රියාත්මක අතර ජන ජීවිතය කඩිනමින් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට රජය අපේක්ෂා කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...