ඇමරිකාවේ පාසලක වෙඩිතැබීමක්. සිසුන් තිදෙනෙක් මරුට !

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩිතැබීමකින් සිසුන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

15 හැවිරිදි සිදුවෙකු විසින් අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර එයින් සිසුන් තිදෙනෙකු මියගොස් සිසුන්, ගුරුවරුන් ඇතුළු තවත් අටදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙසේ  මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකුත් 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකුත් ය. 

සැකකාර සිසුවා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.