ඩයනා,සුජිත් සහ රෝහණ මාසයකට පාර්ලිමේන්තුවෙන් එළියට!

0
255

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාරගේ පාර්ලිමේන්තු සේවය මාසයක කාලයකට අත්හිටුවීමට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ,පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී ඔවුන් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙමිනි.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අදාළ තීරණය අද (01) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණි.

ASK