තවත් රංගවේදිනියකගේ නික්ම යෑම!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): “ලීනා ද සිල්වා” මහත්මිය සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගවේදිනියක වන අතර, ඇය අද දින කැනඩාවේ දී සිය ජීවන ගමන අවසන් කර ඇති බව වාර්තා වේ.

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඇය ,පාසලේ ඉංග්‍රීසි පන්තියේ දී නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාමින් ප්‍රසිද්ධ වේදීකාවට අවතීර්ණ වී ඇති ඇය , පාසල් කාලයේ පටන් නර්තනයට ඇලුම් කල ඇය පණීභාරතයන් හා වසන්ත කුමාර යන අයගෙන් නර්තනය ප්‍රගුණකලාය.

ඉන් අනතුරුව ශේෂා පලිහක්කාරයන් ගෙන් වැඩිදුර නැටුම් ඉගෙන ගත් ,අතර එතුමාගේ යොමු කිරීමෙන් 1955 තිරගත වූ ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ ‘ලංකා මාතා‘ ගීතමය ජවනිකාවට නර්තනයක් ඉදිරිපත් කරමින් සිංහල සිනමාවට පිවිසීමට ලීනා ද සිල්වා නම් ළාබාල තරුණියට හැකිවි ඇත.

අනතුරුව, ආරියදාස පිරීස් මහතා විසින් සිරිල් පී. අබේරත්නයන් ට ඇයගේ ඡායාරූපයක් ලබා දීම හරහා 1956 තිරගත වූ “සුරතලී” චිත්‍රපටයේ සුරතලිය ලෙස ප්‍රධාන චරිතය රඟපාමින් අතිශය ජනප්‍රසාදයට පත් ව ඇති අතර, සොහොයුරෝ, සුනීතා, සුන්දර බිරිඳ , සුලලිත සෝබනී,නලගන , සුජාගේ රහස, අමතක වුණාද, රන්රස ඇය රගපෑ ජනප්‍රිය චිත්‍රපට විය. ජනප්‍රියත්වය ඉහළින් ම රැදී කාලයේ දී රවීන්ද්‍ර රූපසේනයන් සමග විවාහ වු ලීනා ද සිල්වා දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවකි.

1978 දී සිය ස්වාමියාගේ අභාවයත් සමග නැවත වරක් ඇය සිනමාවට අවතීර්ණ වූයේ ‘ගඟ අද්දර’ (1980), චිත්‍රපටයේ වසන්ති චතුරානිගේ මව ලෙස රඟපාමිනි එතැන් සිට ‘වාලම්පූරි’, ‘ආරාධනා ‘, ‘සාරංගා’ (1981), ‘යස ඉසුරු’, ‘කිරි සුවඳ’, ‘කැලෑ මල්’, ‘පාදෛ මාරිය පරුවන්ගල්’, ‘මලට නොඑන බඹරු’, ‘පාරමිතා’, ‘යහළු යෙහෙළි‘ (1982), ‘කලියුගය’, ‘සමනල සිහින’ (1983), ‘හිතවතිය’ (1984), ‘ආදර කතාව‘, ‘වාසිටි කෙල්ල’, ‘කිරි මදු වල්’, (1985), ‘දුශ්‍යන්ති’, ‘කොටි වලිගය’, ‘සිංහ පැටවු’, ‘දිනුම’ (1986), ‘චණ්ඩියන්ගෙත් චණ්ඩියා’ (1986), ‘බදුලු කෝච්චිය’, ‘සෙබළියෝ’ (1989), ‘තණ්හා ආශා’, ‘වීර උදාර’ (1990), රජ කෙල්ලෝ’, (1991), ‘රජ දරුවෝ’ (1992) ‘ශර්මිලාවින් ඉදය රාගම් (1993), ‘සුජාතා’ (1994), ‘අවරගිර’ ‘සීමා පවුරු’ (1996), ‘අනුරාගයේ අනන්තය’ (2000), ‘පොරොන්දුව‘ (2001) යන චිත්‍රපටවල රඟපෑවාය. සිනමාව පමණක් නොව, වේදිකාව හා ටෙලිනළුවේ ද රංගනයෙන් දායක වූ ලිනා ද සිල්වා මහත්මිය මෙරට සිංහල සිනමාව වෙනුවෙන් පෑයූ අපූරු තාරකාවකි.

ලිනා ද සිල්වා මහත්මිය ඔබට සුබ ගමන්!

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...