ව්‍යාජ සහ නොමග යවන ගිණුම් වලට තිත! Meta වැඩ අරඹයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Meta සමාගම අද සිට අලුත් වැඩකට අතගසා ඇත. ඒ මෑතකදී චීනය පදනම් කරගත් ව්‍යාජ සහ නොමග යවන ගිණුම් දහස් ගණනක ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.

Meta සමාගම පවසන්නේ, ව්‍යාජ ගිණුම්වලට හිමිකම් කියන චීන පරිශීලකයින් අමෙරිකානුවන් ලෙස පෙනී සිටි අතර එක්සත් ජනපද දේශපාලනය සහ එක්සත් ජනපද-චීන ​​සබඳතා පිළිබඳ ව්‍යාජ අන්තර්ගතයන් පැතිරවීමට උත්සාහ කරන බවයි.

එමෙන්ම එම ගිණුම් මගින් ගබ්සාව, යුද ගැටලු සහ යුක්‍රේනය සම්බන්ධයෙන්ද තොරතුරු හුවමාරු කරගෙන තිබෙන බවද පැවසෙනවා.

Meta සමාගම විසින් චීනයේ රාජ්‍ය නිලධාරීන්ගේ ගිණුම් අක්‍රිය කිරීමට කටයුතු කර නොමැති බවද තොරතුරු වාර්තා වේ.

Meta සමාගම පවසයි රුසියාව සහ ඉරානයට පිටුපසින් චීනය දැන් එවැනි ජාල වල තුන්වන විශාලතම භූගෝලීය මූලාශ්‍රය බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ , චීනය පදනම් කරගත් ගිණුම් 4,700 කට වඩා වැඩි ගිණුම් සංඛ්‍යාවක් මෙලෙස ඉවත් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...