‘ඉන්දියාව පරිසර විද්‍යාව හා ආර්ථිකය අතර සමතුලිත බවක් ඇතිකර ඇත’ – නරේන්ද්‍ර සිං මොදී

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති Mohammed bin Zayed Al Nahyan “ගෝලීය දේශගුණික විසඳුම්” සඳහා ඩොලර් බිලියන 30 (පවුම් බිලියන 23.7) අරමුදලක් නිවේදනය කරයි.

ඊයේ(30) දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යදී ඇරඹි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP28) අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මොදී ප්‍රකශ කර තිබුණේ, ඉන්දියාව පරිසර විද්‍යාව සහ ආර්ථිකය අතර විශාල සමතුලිතතාවයක් ඇති කිරීමේ සංවර්ධනයේ ආදර්ශයක් ලෝකයට ඉදිරිපත් කර ඇති බවයි.

සමස්ත ලෝක ජනගහනයෙන් 17%ක් ඉන්දියාව නියෝජනය කරන මුත් ගෝලීය කාබන් විමෝචනයෙන් 4%කටත් වැඩ අඩු ප්‍රමාණයක් ඉන්දියාව විමෝචනය කරන බව ප්‍රකාශකළ අගමැතිවරයා ඉන්දියාව සිය දේශගුණික ඉලක්ක සපුරාගැනීමට අභිලාෂකමිව සිටින අබවත් 2070 වන විට ශුද්ධ ශුන්‍ය ඉලක්කය කරා ළඟා වීමට අපේක්ෂා කරන බව සඳහන් කරමින්, 2028 වසරේ COP28හි සත්කාරකත්වය වෙනුවෙන් ඉන්දියාව යෝජනා කර තිබිණ.

ඩුබායිහි රැස්වූ ලෝක නායකයන් අමතමින් එක්සත් රාජධානියේ තුන්වන චාල්ස් රජු සදහන් කර තිබුණේ, මෙවර (COP28) සමුළුව හැරවුම් ලක්ෂයක් කරගනිමින් දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සොයන ලෙසයි.

මෙවර සමුළුවේ සත්කාරකත්වය දරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති Mohammed bin Zayed Al Nahyan “ගෝලීය දේශගුණික විසඳුම්” සඳහා ඩොලර් බිලියන 30 (පවුම් බිලියන 23.7) අරමුදලක් නිවේදනය කර ඇති අතර අනිකුත් රටවල් පූර්ව එකඟතාවයකට පත්වී, දේශගුණික විපර්යාසවල බලපෑමෙන් පෙළෙන ජාතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අරමුදලක් සඳහා රටවල් ඩොලර් මිලියන 420 ක් කැප කරන ලදී.

පෘථිවිය රත් වීමට හේතු වන හරිතාගාර වායු විමෝචනය තවමත් ඉහළ යමින් පවතින නමුත් විද්‍යාඥයන් පවසන්නේ ඉදිරි වසර හත තුළ ඒවා අඩකින් පමණ අඩු කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...