ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන් ලෙස ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නිවැරදි තීන්දුව ක්‍රියාත්මක කරන ලෙසත් එම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් තම දේශපාලන කඳවුර පෙනී සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් සමඟ සමහර රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වීමේදී යම් මැලිකමක් දක්වන බව පෙනෙන්නට ඇතැයි ඔහු සඳහන් කරයි.
”තවත් පැත්තකින් කියන්න ඕනේ වගකිව යුතු දේශපාලන බලවේගයක් සහ පක්ෂයක් විදිහට සමහර නිලධාරීන් ක්‍රියාත්ක වීමේ යම් මැලිකමක් තියෙනවා. පහුගිය ඉතිහසයේ සිදුවුණ සිදුවීම් එක්ක. අපි නිලධාරීන්ටත් කියන්නේ ඔබ හරි දේ කරන්න ඔබව අපි ආරක්ෂා කරනවා. ඔබ වවුචරයට අත්සන් කළා කියල හිර ගෙවල්වලට දාන තැනට අපි කටයුතු කරන්නේ නැහැ. මේ ජනතාවගේ ජීවිත බේරගන්න තුන්වේල කන්න දෙන්න. සනීපාරක්ෂක වැඩ කරන්න බෙහෙත් හේත් ටික ලබාදෙන්න. තවත් පැත්තකින් ජීවිත ආරක්ෂා කරන්න දේපොළ ආරක්ෂා කරන්න ගන්න පුළුවන් හැම ක්‍රියාවලියක්ම ඔබ ගන්න. ඔබ වෙනුවෙන් අපි පෙනී හිටිනවා. අපි දන්නවා මේ වෙද්දීත් බොහෝ අය ඒ කාර්යයේ නියැලිලා ඉන්නවා. ඉදිරියටත් ඒ කාර්ය ඉටුකරන්න. ඔබ ගන්න තීන්දුව වෙනුවෙන් අපි ඔබව ආරක්ෂා කරන්න පෙනී හිටිනවා කියන එකත් ඒ නිලධාරීන්ට අපි මතක් කරනවා.” යනුවෙන් රාජපක්ෂ මහතා කියාසිටියි.
