මේ ව්‍යසනය ආර්ථිකයට දාරගන්න බෑ. ආධාර අත්‍යවශ්‍යයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ පවතින ආර්ථිකයට ඔරොත්තු නොදෙන බැවින් නැවත රට ගොඩනැගීමේ කාර්ය වෙනුවෙන් ආධාර ලබා ගත යුතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (01) වත්මන් ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු සහ ලේකම්වරු සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවේදීය.

ආර්ථිකය ගොඩනැගෙමින් තිබුණු පසුබිමක මෙවැනි ව්‍යසනයක් ආර්ථිකයට දරාගත නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් අරමුදලක් පිහිටුවා තිබෙන අතර මෙම කාර්ය සාර්ථක කරගැනීම වෙනුවෙන් හදිසි නීතිය ද පනවා තිබෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම මෙම මධ්‍යගත මෙහෙයුම් වෙනුවෙන් නව පනතක් ගෙන ඒමටද ආණ්ඩුව අවධානය යොමුකර ඇත.

”ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි මුදාගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය හමුදාව, පොලීසිය, ස්වෙච්ච්ජ සේවකයින්,රාජ්‍ය නිලධාරීන්, පොදු ජනතාව සැලකිය යුතු ප්‍රමාණයකින් මැදිහත් වෙලා ඒක යම් ප්‍රමාණයකට අවසන් කරලා තියෙනවා. තවත් කුඩා තැන් කිහිපයක හිර වෙච්ච කණ්ඩායම් ඉන්න බවට වාර්තා වෙලා තියෙනවා. ඒ තැන්වලින් ඔවුන් මුදාගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ඒක තමයි අපේ පළමු කාර්ය බවට පත්වුණේ. දෙවෙනි එක තමයි අවතැන් කඳවුරුවල ඉන්න ජනතාව බලාගැනීම. තුන්වෙනි කරුණ තමයි යටිතල පහසුකම් ඇතිකරමින් යථාවත් කිරීම. අපිට දුෂ්කරතම ආකරය තමයි තියෙන්නේ නැවත ගොඩනැංවීම. මොකද මේ විනාශය ඔබතුමන්ලා දන්නවා ජීවිත කාලය තුළ සිදු වූ විශාල විනාශයක්. රට පුරා පැතිරුණු විනාශයක්. ඒ නිසා අපිට නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව කරගත යුතුව තිබෙනවා. ඒ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න තමයි අපි හදිසි නීතිය පනවල තිබෙන්නේ. සමහර කාර්යයන් කාර්යක්ෂමව කරගන්නත්, සමහර ආයතන මැදිහත්වීම සඳහා අවශ්‍ය හදිසි නීතිය සම්පාදනය කරලා තිබෙනවා. ඒ අනුව අපි අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කරල තිබෙනවා. එතන සියලු කටයුතු මධ්‍යගත කරන්න සූදානම් කරලා තිබෙනවා. ඊළඟට අපි Rebuild Srilanka අරමුදල කියල ෆන්ඩ් එකක් ගොඩනගන්න අපි ක්‍රියා කරනවා. ඒ ෆන්ඩ් එකට රාජ්‍ය අංශයෙත් පෞද්ගලික අංශයෙත් කණ්ඩායමකින් කළමනාකරණ කමිටුවක් හදල අපිට විශාල ආධාර ප්‍රමාණයක් අවශ්‍යයි. මොකද මේ ව්‍යසනය අපේ ආර්ථිකය නැගිටිමින් හිටපු වෙලාවක්. ඒ නිසා මේ ව්‍යසනය අපේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් අපිට ආධාර ලබාගත යුතුව තිබෙනවා. ආධාර එකතු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන අරමුදලක් ගොඩනැගීමට අපි දැනට සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම මේ මධ්‍යගත මෙහෙයවීම සඳහා අලුත් පනතක සම්මත කළ යුතුයි කියන සාකච්ජාවක් අපි ආරම්භ කරලා තිබෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.

මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහි සභාපතිත්වය දරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.

එහි සෙසු සාමාජිකයන් වන්නේ,

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණවර්ධන
හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ
ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්
එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක
බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්
LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර යන මහත්වරුය.

එම අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය මෙම කළමනාකරණ කමිටුවට හිමි වන අතර අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම එහි වගකීම් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව( දෙසැම්බර් 01 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 84 🛑තුවාලකරුවන් සංඛ්‍යාව 22 🛑අතුරුදහන්...

හිටපු අමාත්‍ය සී. බී. අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : හිටපු අමාත්‍ය සී....

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...

LPL දිග ඇරෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: හයවන ලංකා ප්‍රිමියර් ලීග්...