විපතේදී අපිව අත් නොහැරි එක්සත් අරාබි එමීර් රාජ්‍යය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW :

ලොව විශාලතම කාගෝ ගුවන් යානයකින්, ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්, ශ්‍රී ලංකාවට පරිත්‍යාග ලෙස රැගෙන විත් ඇත.

එම ආධාර තොගය, කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, මේජර් ජෙනරාල් සුමේධ විජේකෝන්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්ම මහත්මිහු වෙත නිල වශයෙන් බාර දී ඇති බව ද වාර්තා වේ.