දළකාරයන් බිම වැටීම තව දුරටත්…

Date:

ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් 10 අතර සිටි ඩෙන්මාර්කයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටයෙන් නික්ම යන්නට සිඳු වි පැය 24 ක් යන්නට මත්තෙන් මෙවර සූරතාවය දිනා ගැනීමේ නාමාවලිය සැකසීමේදී ඔට්ටුකරුවන් පවා ඉහළ අවධානයක් යොමු කළ ජර්මනිය ද ඩෙන්මාර්කය පසුපසින් කඳ බැඳගෙන ගෙදර යන කණ්ඩායම් අතරට එක් විය.එසේම වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම් හී දෙවන තැන සිටින බෙල්ජියමට ද සුපිරි 16 ව වටයට නුසුදුසු වූ කණ්ඩායමක් සේ ඉවතට වීසි වෙන්නට සිඳු විය.
ජරමනියට මෙවර සූරතාවලියේ රැඳී සිටීම අස්ථාවර කළේ ජපානය විසිනි.ලෝකයේම අවධානය යොමු දිනා ගනිමින් ජපානය ජරමනිය පරාජයට පත් කළේය.තව දුරටත් ඒ මඟම යමින් ජපානය ඊයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල හත්වන තැන සිටින ස්පාඤ්ඤය ද ගෝල 2 – 1 ලෙස පරාජයට පත් කරන්ට සමත් වූයේ මෙවර ආසියාවෙන් සුපිරි 16 වටයට එකතු වූ පළමු කණ්ඩායම වීමේ ගෞරවය ජපානයට උදා කර දෙමින්ය.
ජපානය ස්පාඤ්ඤයට එරෙහි ජයත් සමඟ ඊ කාණ්ඩයේ පළමු තැනට පැමිණි අතර ඔවුන් එම කාණ්ඩායේ ප්‍රබලම කණ්ඩායම් දෙක වන ජරමනිය සහ ස්පාඤ්ඤය පරාජය කළ ද අවසාන තැනට පත් වූ කොස්ටාරිකාවට පරාජය වීම කැපී පෙණින.ජර්මනිය කොස්ටාරිකාවට එරෙහිව ගෝල 4- 2 ක් සේ ජය ගත්තද,ප්‍රබල ස්පාඤ්ඤය සහ ජර්මනිය ඉදිරියේ තරගාවලියේ ප්‍රතිපල සටහන්ව තිබුණේ,ජයග්‍රහන එකක්,පරාජයන් එකක් සහ ජය පැරදුමෙන් තොර තරගයක් සේ ය.කණ්ඩායම් දෙකම සමාන දස්කම් දක්වා තිබුණු නමුත් ගෝල ලබා ගැනීමේ දක්ෂතා පදනම් කරගෙන ස්පාඤ්ඤයට සුපිරි 16 වටයට යන්නට ඉඩ සැකසිණ.ඔවුන් ගෝල 9 ක් රැස් කරගෙන තිබුණු අතර ප්‍රතිවාදීන්ට ලබා දි තිබුණේ ගෝල 3 ක් පමණි.ජර්මනිය ගෝල හයක් රැස් කරගෙන ප්‍රතිවාදීන්ට ගෝල 5 ක් ලබා දී තිබිණ.කණ්ඩායම් දෙකේ ලබා ගත් සහ ලබා දුන් ගෝල පරතර බලද්දි පරතරයන් ගෝල හයක් සහ එකක් සේ සටහන්ව තිබුණු අතර ඒ අනුව ස්පාඤ්ඤය සුපරි 16 වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ලෝක ශ්‍රේණිගත කිරීම් හී 24 වන තැන පසුවන ජපානය,ඒ ආකාරයට ඊ කාණ්ඩයෙන් පෙරමුණ ට එද්දී ශ්‍රේණිගතකිරීම්වල 22 වන තැන සිටින මොරොක්කෝව එෆ් කාණ්ඩයෙන් පෙරමුණට පැමිණියේය.ඔවුන් පෙරමුණ ගත්තේ එම කාණ්ඩයේ සිටි වත්මන් ලෝක අනු සූරයන් වන ක්‍රොඒෂියාව දෙවන තැනට පත් කරමින් සහ වත්මන් ලෝක ශ්‍රේණිගත කිරිම්වල දෙවන තැන සිටින බෙල්ජියමට ගෙදර යාමට සළස්වමින්ය.මොරොක්කෝව අපරාජිතව තරග දෙකක් ජයගෙන එක් තරගයක් ජය පැරදුමෙන් තොරව නිමා කර සුපිරි 16 වටයට පිම්මක් ගනිද්දී,ක්‍රෝඒෂියාව තරග දෙකක්ම ජය පරාජයෙන් තොරව හමාර කර කැනඩාව පරාජයට පත් කරමින් සුපිරි 16 වටයට පිවිසුණේය.බෙල්ජියම සමාන ලෙස ජය,පරාජ සහ විසඳුම් නැති තරග එක එක පසු කර තිබුණ අතර ඔවුන් මොරොක්කෝවට එරෙහිව ලද පරාජය නිසා අනපේක්ෂිත ලෙස තරගාවලියෙන් ඉවතට වීසි වන්නට විය.
බෙල්ජියමට සමඟ පැවති තරගය ජය නොගත්ත ද ජය පැරදුමෙන් තොරව නිමා කිරීමෙන් සුපිරි 16 වටයට පිවිසෙන්නට ක්‍රොඒෂියාවට හැකියාව තිබූ අතර බෙල්ජියම තරගය ජයගත යුතුවම තිබිණි.ඒ සඳහා ආසන්න අවස්ථා කිහිපයක්ම ඔවුන්ට උදා වූ අතර එයින් ආසන්නම අවස්ථා ගණනක් හිමිවන්නේ බෙල්ජියමේ සුපිරි ක්‍රීඩක රොමේලු ලුකාකු ට ය.නමුත් ඒවා නිසි පරිදි යොමු කිරීමට ඔහු අසමත්වීම මෙන්ම ක්‍රොඒෂියා දැල් රකින්නා වන ඩොමිනික් ලෙවකොවික් ගේ විචක්ෂණ දෑසත්,සුරක්ෂිත දෑසත් ලුකාකු ගේ ඉලක්කයට ඉඩ ලබා නොදීමත් නිසා බෙල්ජියමට ගෝල අතරට ඒමට ඉඩක් නොලැබිණි.මොරොක්කෝව තම ස්ථානය තහවුරු කර ගනිමින් පහසුවෙන් සහ සැහැල්ලුවෙන් කැනඩාවට එරෙහිව ගෝල 2 – 1 ජයක් හිමි කර ගැනීමට සමත් විය.
සුපිරි 16 වටයේදී ක්‍රොඒෂියාවට හමුවන්නේ ජපානය ය.ස්පාඤ්ඥයේ ප්‍රතිවාදියා වන්නේ මොරොක්කෝව ය.ජපානය සහ ක්‍රෝඒෂියාව අතර තරගය දෙසැම්බර් 5 වන දා පැවත්වෙන අතර ස්පාඤ්ඥය සහ මොරොක්කෝව අතර තරගය පැවත්වෙන්නේ දෙසැම්බර් හය වන දා ය.අද කටාර් වේලාවට අනුව පළමු වටයේ අවසාන තරග පැවත්වීමට නියමිතය.ඒ ජී සහ එච් කාණ්ඩවලින් සිපිරි 16 වටයට පිවිසෙන කණ්ඩායම් කවුරුන්ද යන්න තීරණය කිරීමටය.එහිදී දැනටමත් ජී කාණ්ඩයෙන් බ්‍රසීලය ද,එච් කාණ්ඩයෙන් පෘතුගාලයද සුපිරි 16 වටයට පිවිස අවසන් අතර ඉතිරිව තිබෙන්නේ එම කාණ්ඩවලින් සුපිරි 16 වටයට එක ඉතිරි කණ්ඩායම් තීරණය කිරීමය.
ඡායාරූපයේ දැක්වෙන්නේ ප්‍රබල ජර්මනිය පරාජය කරමින් ඔවුන්ට තරගාවලියේ සුපිරි 16 වටය ද අහිමි කරන්නට මුල් වෙමින් සහ ප්‍රබල ස්පාඤ්ඤයද පරාජය කළ ජපාන කණ්ඩායමය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...