*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අය වැයෙන් කෘෂි කර්මාන්තය නැංවීමට යොදන මුදල ආයෝජනයක් – දුමින්ද ප්‍රියදර්ශන


හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂ, එහි ජ්‍යේෂ්ඨ පර්යේෂක සහ ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක

ලබන අවුරුද්දේ සහල් මිල තවත් අඩු වෙනවා
ආහාර සුරක්ෂිතතාව ගැන සැලකීම වැදගත්
මෙවර අය වැය යෝජනා පිළිබඳ මේ දිනවල සමාජයේ වැඩි කතාබහක් පවතින අතර කෘෂිකර්ම ක්ෂේත්‍රය ඒ අතින් සුවිශේෂත්වයක් ගනියි. ඒ අනුව එළැඹෙන වසරේ මෙරට කෘෂි ක්ෂේත්‍රය කොයිබටද?

ඒ පිළිබඳ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂ සහ එහි ජ්‍යේෂ්ඨ පර්යේෂකයකු මෙන්ම ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂකයකු ද වන දුමින්ද ප්‍රියදර්ශන මහතා අදහස් දැක්වීය. හෙතෙම මෙරට කෘෂි ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳ දශක දෙකකට වඩා වැඩි අත්දැකීම් ඇත්තෙකි.

ඔබ කොහොමද මෙවර අය වැය යෝජනා දකින්නේ?

සාධනීයයි. කලක් තිස්සේ එතරම් සැලකිල්ලක් නොදැක්වූ නමුත් රටක් වශයෙන් අපිට අත්හැරිය නොහැකි කෘෂි ක්ෂේත්‍රයට අදාළ අංශ රැසක් පිළිබඳ එළැඹෙන වසරට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත අය වැයෙන් අවධානය යොමුකර තිබෙනවා.

තවදුරටත් විස්තර කළොත්?

රටක් කෘෂිකර්මයට කරන වියහියදම් ආයෝජනයක් විදියටයි සලකන්නේ. ඒ අතින් ආහාර සුරක්ෂිතතාව කෙරෙහි මෙවර වැඩි අවධානයක් යොමු කර ඇතැයි හඳුනා ගත හැකියි. එය දෙයාකාරයි. එකක්, දේශීය වශයෙන් ආහාර බෝග නොඅඩුව වගා කර ගැනීම අනෙක, ආනයනය.

ඒත් ඉකුත් කාලයේදී අපිට ඒ දෙකම හරියාකාරව කළ නොහැකි වුණානේ. ඊට බලපෑ කරුණු ගණනාවක් වෙනවා. දුරදිග නොබලා මෙරට කෘෂිකර්මාන්තය වෙනුවෙන් ගත් වැරදි තීන්දු තීරණ ඉන් එකක්.

එපමණක් නෙවෙයි. ආර්ථික පසුබෑම වගේම ගෝලීය වසංගත තත්ත්වවලටත් මදි නොකියන්නට මුහුණ දෙන්නටත් අපට සිදු වුණා. මෙරට නිෂ්පාදනය පහත වැටුණා. එය උද්ධමනයට අත වනන්නක් වුණා. කුඩා නිෂ්පාදනයක් පසුපස වැඩිදෙනකුට හඹායන්නයි එවිට වුණේ. එහෙමත් නැති නම් අඩු භාණ්ඩ ගණනක් වැඩි මුදලක් වැය කර මිලදී ගැනීමට සිදුවන තැනට කරුණු යෙදුණා.

ඒ කොහොම වුණත් මෙරට වැඩිපුරම සහල් පරිභෝජනය කරන බව අපට අමතක කළ නොහැකියි නේද?

සත්තකින්ම. ඉකුත් කාලයේදී ආර්ථික අර්බුදයට වඩාත් මඟ පෑදුවේත් ඒ තත්ත්වයමයි. අනිවාර්යයෙන්ම කෘෂි යෙදවුම්, බීජ ආදිය මෙරට සුලභ විය යුතුමයි. එවිට වෙන මොනයම් ප්‍රශ්න තිබුණත් ගොවීන් වගා කරනවා.

ඉතින්, පොහොර එවැනි ප්‍රධාන අංගයක්. පොහොර සහනාධාර සඳහා රුපියල් බිලියන 63.9ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ ඇතුළු පහසුකම් වෙනුවෙන් ලබන වසරට යෝජිත අය වැයෙන් රුපියල් බිලියන දෙසිය තිස් හතරක් වෙන් කර තිබෙනවා. ඊට වාරි, ධීවර, වැවිලි, පශු සම්පත් ආදියත් ඇතුළත්. බහු විධ අංශවලින් ඒ ආයෝජනය කෙරෙන්නේ. ඒ අනුවයි මම මෙවර අය වැය යෝජනා සාධනීයයි කියන්නේ.

මුදල් වෙන් කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය හැකිද?

නැහැ. ඵලදායීතාවත් වැදගත්. උපායමාර්ගිකව කටයුතු නොකළොත් අපේක්ෂිත අරමුණු ඉටු කර ගත නොහැකි වන්නටත් පුළුවන්. එසේම වෙනත් බොහෝ රටවල් මෙන් නවීන තාක්ෂණය තවදුරටත් මෙරට කෘෂි කර්මාන්තයට යොදා ගත යුතුමයි.

ඒ ඇතුළු ආහාර සුරක්ෂිතතාව කෙරෙහි බලපාන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට උත්සාහ දැරූ බවක් අය වැය යෝජනාවලින් තවදුරටත් දකින්න පුළුවන්.

අනෙක, රජය කෘෂි කර්මාන්තයට විශාල වශයෙන් සහනාධාර සපයනවානේ. එහි නිසි ප්‍රතිඵලය විය යුත්තේ කලින් සඳහන් කළ පරිදි ගොවීන්ට අවශ්‍ය යෙදවුම් අඩු නැතුව වෙළඳපොළෙන් මිලදී ගත හැකි වටපිටාවක් ඇති කිරීමයි.

මෑතකාලීනව ඒ තත්ත්වය ඇති කිරීමේ ප්‍රතිඵල විදියට ස්වභාව දහමෙනුත් බාධා නොවුණු නිසා මෙවර මහ කන්නයෙන් සරු අස්වැන්නක් ලැබුණා. එසේම ඉදිරි යල කන්නයත් සරු වන බව අපට පැවසිය හැකියි. ඒ අනුව එළැඹෙන වසරේදී සහල් මිල තවත් අඩු වන බවටත් මට ස්ථිරවම කියන්නට පුළුවන්. වී මිලත් ඉලක්කම් දෙකේ අගයකින් පවත්වා ගන්නත් හැකි වේවි.

ඒ පිළිබඳ ඔබේ තවත් වැදගත් නිරීක්ෂණ මොනවාද?

ලබන වසරට අදාළව පොහොර ආනයනයට රජය වැඩි මුදලක් වෙන් කිරීම ඉන් එකක්. අනෙක, මෙතෙක් කලක් අපිට මෙරට ආනයනික පොහොරවල තත්ත්වය පරීක්ෂාවට නවීන රසායනාගාරවල අඩුවක් පැවතුණා. ඉතින්, ඇතැම් විදේශ වාර්තාවලින් සෑහෙන්නයි මෙරටට සිදු වුණේ. මෙවර ඒ අඩුව සම්පූර්ණ කර ගැනීමට නවීන රසායනාගාරයක් මෙරට පිහිටුවීමට කටයුතු කිරීමත් හොඳ ආයෝජනයක්.

එසේම, ලෝක ජනගහනය වැඩිවීමත් සමඟ රාජ්‍යයන් අඩු බිම් ප්‍රමාණයකින් සහ අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම පිළිබඳ පර්යේෂණ කරනවා. එම ප්‍රතිඵල අනුව කන්ටේනර්, උමං මාර්ග ආදියත් වගා බිම් බවට පත්කර තිබෙනවා. කුඩා, මැදි හා මහා පරිමාණ වශයෙන් ඊට අදාළ කෘෂි ව්‍යාපෘති ඒ ඒ රාජ්‍යයන් දියත් කරනවා.

රටක් වශයෙන් අපිට ඒ ගමනට පිටුපෑ නොහැකියි. ඊට අත්පොත් තැබීම් ලබන වසරට ඉදිරිපත් කළ අය වැය යෝජනා වලින් පෙන්නුම් කරනවා. එහිදී විශේෂයෙන්ම කුඩා හා මැදි පරිමාණ ගොවීන් අතරමැදියන්ගෙන් ආරක්ෂා කර ගැනීම වැදගත්.

එසේම එවැනි දුරබැහැර ප්‍රදේශවල වෙසෙන ගොවීන්ට හොඳ වෙළෙඳපොළක් ඇති කිරීමත් ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමත් මෙවර අය වැයෙන් අවධානය යොමු කළ තවත් සාධනීය අංගයක්.

දැනටමත් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියක් විදෙස් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මකයි. ඒ මඟින් විදෙස් වෙළෙඳපොළ ජය ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්, වගාකරුවන් දිරි ගැන්වෙනවා. නවීන තාක්ෂණය, යෙදවුම්, මඟ පෙන්වීම් දිස්ත්‍රික් ගණනාවකම ක්‍රියාත්මකයි. ලබන වසරට ඉදිරිපත් කළ අය වැයෙන් ඒ ගමනට තවදුරටත් අතදීමක් කෙරෙනවා. එය ඉතා වැදගත්.

ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළොත්?

මෙරට ප්‍රධාන බෝග වර්ග දහසයකින් පමණ ස්වයංපෝෂිත කිරීම යටතේ ලොකු ලූනු, බඩඉරිඟු වැනි බෝග කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මෙරට ආහාර සුරක්ෂිතතාව කෙරෙහි වැදගත් වෙනවා.

කලක් තිස්සේ මෙරට ලොකු ලූනු අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. එක් වගා කන්නයකින් පමණක් සෑහෙන්නට සිදුවීමත් ඊට බලපෑ කරුණකි. අර්තාපල්, රටකජු වැනි බෝග ගත් විටත් තත්ත්වය එසේමයි.

ඒ තත්ත්වය කෙටි කලකින් කණපිට හැරවීම දුෂ්කරයි. එහෙත් එහි වෙනසක් සඳහා යම් ප්‍රවේශයක් ලබන වසරට අදාළ අය වැය යෝජනාවලින් හඳුනා ගත හැකියි. අනෙක, දැනට අර්තාපල් වගා කරන මධ්‍යම කඳුකරයෙන් ඒ වගාව යාපනය, පුත්තලම වැනි ප්‍රදේශ කරා විතැන් වීමත් රටක් වශයෙන් අපට වැදගත්. එය පරිසර හිතකාමීයි. සෞඛ්‍ය ගැටලු අවම කර ගැනීමටත් එය හේතු වෙනවා.

ඔය කොච්චර කිවුවත් සමහරු කියන්නේ හැමදේම ගිනි ගණන් කියලානේ?

ඒත් අපි විද්‍යාත්මකව, තාර්කිකව දෙයක් කියන්න ඕනෑ. මේ වන විටත් ඉන්ධන මිල ඇතුළු ප්‍රවාහන වියදම් අධිකයි කියන එක වෙළෙඳපොළෙන් ඇහෙනවානේ. ඒත් අපිට මෙරට ආහාර බෝග වගාව සුලභ කරන්න පුළුවන් නම් ඒක එහෙම වෙන්නේ නැහැ කියන කරුණ මං උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මේ දිනවල අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් එකසිය පනහක් තරම් වෙන්නේ.

ඉතින්, කලින් සඳහන් කළ ප්‍රවාහන වියදම් ඇතුළු සියල්ලක් ඇතුළත්වයි ඒ මිල තීරණය වී තිබෙන්නේ. අපිට අනෙකුත් ආහාර බෝගවලටත් ඒ තත්ත්වය අදාළ කරගත හැකියි. ඒත් එය ඉබේ වන්නේ නැහැ. ඊට කෘෂි කර්මාන්තයේ පහසුවෙන් නිරතවීමට පහසුකම් සැලසීම බලපානවා.

මෙවර අය වැයෙන් කුඩා ප්‍රමාණයේ වාරිමාර්ග නවීකරණය කිරීමට රුපියල් මිලියන 2282 ක් ද මැදි හා විශාල ප්‍රමාණයේ වාරිමාර්ග නවීකරණයට රුපියල් 10255ක් තරම් විශාල මුදලක් වෙන් කරදී තිබෙනවා. ඒ අනුව දැනට අත්හැර දමා තිබෙන වගා බිම් රැසක් සශ්‍රීක කළ හැකියි. ඒ අනුව මෙරට අස්වනු සුලභ කළ හැකියි. එවිට මෙරට තවත් දැවෙන ප්‍රශ්නයකට පිළියම් ලැබෙනවා. ඒ නිසයි දුරදක්නා නුවණින්, උපාය මාර්ගිකව අපට රටක් විදියට මෙතැන් සිටවත් ඉදිරියට ගමන් කිරීමට සිදුවන වග කිව්වේ.

එක් අතකින් අපි වැරැදි තීන්දු තීරණ නිසා අද අපි පීඩාවට පත්වෙලා. ගෝලීය ආර්ථික අර්බුද ආදියත් ඊට අමතරව එක්වෙලා. ඒ අනුව වැටුණු තැනින් නැඟී සිටින්නට වෙර දැරිය යුතුමයි. ඒ කෙරෙහි අවධානය මෙවර අය වැය යෝජනා කෙරෙන් යොමු වී තිබෙනවා. නොඑසේ නම් රටක් වශයෙන් අපට තවදුරටත් අත්හදා බැලීම් මෙකල කළ නොහැකියි.

ඔබ කෘෂි පර්යේෂකයෙක්. ඒ ක්ෂේත්‍රයට ලැබෙන සැලකිලි පිළිබඳ තෘප්තිමත් ද?

ඒ පිළිබඳ එතරම් සතුටු විය නොහැකියි. විවිධ රාජ්‍යයන් නිරතුරුවම කෘෂි කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් පර්යේෂණ කරනවා. ඊට විශාල වැයක් දරනවා. ඒ තරමටම වියදම් කළ නොහැකි වුවත් අපිටත් තරගකාරී ලෝකයක් සමඟ ඒ ගමනේ යෙදෙන්න වෙනවා.

එහිදී නව තාක්ෂණයත් යොදාගෙන නව කෘෂි පර්යේෂණ කළ යුතුයි. ඇත්තෙන්ම මෙරටට ඒ අතින් විශිෂ්ට මානව සම්පතක් පවතිනවා. කෘෂි පීඨ, කෘෂිකර්ම විද්‍යාල, පර්යේෂණ ආයතන ආදිය ඊට අයත්.

එහෙත් ඒ සියල්ල තිබියදීත් අදූරදර්ශී තීන්දු තීරණ කිසිවෙක් හිතුමතේ ගන්නවා නම් ඉන් රටට නිසි ප්‍රයෝජන අත්වන්නේ නැහැ.

ඉකුත් කාලයේදී රසායනික පොහොර තහනම සම්බන්ධ කතාබහේදීත් අපි පර්යේෂකයන් විදියට කිව්වේ මෙරට වී වගාවේ පුරෝගාමී දිස්ත්‍රික්ක ගණනාවෙන් එකක් තෝරාගෙන මුලින් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ඊට යොමු වීම වැදගත් බවයි. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවුණේ නැහැ. අස්වනු අඩුවීමට එය කෙළින්ම බලපෑවා. ඉතින් පර්යේෂකයන්ගේ අදහස්, ප්‍රතිපත්ති සම්පාදකයන් ලබා ගැනීමෙන් බොහෝ ගැටලු නිරාකරණය කර ගත හැකියි.

අනෙක, මෑතකාලීනව පර්යේෂණාත්මකව මෙරට කෘෂි පර්යේෂණ ආයතන වැඩිදියුණු කළ වී ප්‍රභේද ආදිය හඳුන්වා දී තිබෙනවා. ඒ පිළිබඳත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ නිසි අවධානය යොමු විය යුතුයි. එහෙම නැතිනම් මහජන මුදල් වැය කරමින් විවිධ දුෂ්කරතා මැද කරන පර්යේෂණවල ප්‍රගතිය මෙරටට නොලැබී යා හැකියි.

එසේම එම වැඩිදියුණු කළ බීජ ප්‍රභේද ආදිය වගා කිරීමේදී යම්තාක් දුරකට රසායනික පොහොර ආදියත් අවශ්‍යයි. බලධාරීන් ඒ සැබෑව වටහාගෙන ඉදිරි තීන්දු තීරණ ගැනීමත් වැදගත්. ඒ අනුව මේ වන විට ඇතැම් කෘෂි රසායන නැවත මෙරටට ගෙන්වීම කෙරෙහිත් රජයේ අවධානය යොමු වීම තවත් වැදගත් අංගයක්.

බොහෝ රාජ්‍යයන් කෘෂි කර්මාන්තයට සම්බන්ධ සංඛ්‍යා දත්ත නිතර යාවත්කාලීන කිරීමට කටයුතු කරනවා. ඒ අතින් මෙරට සිටින්නේ කොහොම තැනකද?

මෙරටත් ඒ අතින් තවදුරටත් දියුණු විය යුතුයි. නවීන තාක්ෂණයේ සහාය ඊට යොදා ගත හැකියි. බොහෝ රාජ්‍ය ඉදිරි මාසය නොඑසේ නම් ඉදිරි වර්ෂයට අදාළව කෘෂි විශ්ලේෂණ සකස් කිරීමේදී ජාතික දත්ත පද්ධතිය උපකාර කර ගැනෙනවා. අපි රටක් විදියට ඒ පිළිබඳ නැවත සිතා බැලිය යුතුයි.

නැවත අවසන් වරටත් අපි අය වැය යෝජනා දෙසට හැරී බලමු.

ගොවි රක්ෂණ, විශ්‍රාම වැටුප් ක්‍රම පිළිබඳත් කතා කළ යුතුයි. මෙවර අය වැය ඒ කෙරෙහිත් නිසි අවධානයක් යොමු කර තිබෙනවා. එවිට දෙගිඩියාවකින් තොරව ගොවියා වගාවට යොමු වෙනවා. එසේම අතහැර දැමූ වගා බිමට ගොවියා නැවත කැඳවාගෙන යෑමටත් එය රුකුලක් . මේ සාධනීය අංග ඉදිරි වර්ෂවල අය වැය යෝජනා සකස් කිරීමේදීත් සැලකිල්ලට ගනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඔහු වැඩිදුරටත් පැවසීය .

රෂිකා හෙන්නායක
2022.12.02

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan