මාරාන්තික කුරුළු උණක්! පක්ෂීන් 220ක් මියගිහින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ආර්ජන්ටිනාවේ Catamarca පළාතේ Flamingo පක්ෂීන් 220ක් මාරාන්තික කුරුළු උණ රෝගයකින්, මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂඥයින්ගේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

කුරුළු උණ තාරාවන්, පාත්තයින් සහ හංසයන් වැනි ජලජ පක්ෂීන් හරහා ස්වභාවිකව පැතිරෙන මෙන්ම බෝවන සහ මාරාන්තික වෛරස් රෝගයකි. එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මේ දිනවල පැතිර යන වෛරසය ගෘහස්ථ කුකුළන් වැනි අනෙකුත් පක්ෂි විශේෂවලටද ආසාදනය විය හැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2022 සිට රටවල් 80කට වැඩි ප්‍රමාණයක කුරුළු ඉන්ෆ්ලුවෙන්සාහි H5N1 ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති අතර, මහාද්වීප පුරා එහි අඛණ්ඩ බලපෑම මධ්‍යයේ විශේෂඥයින්ද කනස්සල්ලට පත්ව ඇති බවද වාර්තා වේ.

H5N1 යනු අමෙරිකාවේ සහ යුරෝපයේ ගැටලු ඇති කරන භයානකම වෛරසයකි. තවද, මෙම වෛරසය පාලනය කිරීම සඳහා දැනට ඵලදායී ප්‍රතිකාරයක් නොමැති බව, New York ප්‍රාන්තයේ වනජීවී සෞඛ්‍ය වැඩසටහන නිවේදනය කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...