රුසියානු හමුදා ශක්තිමත් කිරීමට සෙබළුන් 1,320,000 දක්වා ගෙන ඒමට පුටින් සැරසේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව සෙබළුන් 170,000 ක් පමණ එක් කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් රුසියානු හමුදා සංඛ්‍යාව 15% කින් වැඩි කිරීමේ නියෝගයකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංඛ්‍යාව එක් කරන්නේ පළමු අදියර ලෙසද දන්වා ඇත.

ඒ් අනුව රුසියානු හමුදා ශක්තිය සෙබළුන් 1,320,000 දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වේ. මෙම පියවර නේටෝ ව්‍යාප්තිය ඇතුළු තර්ජන වැඩිවීමට ප්‍රතිචාරයක් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත.

රුසියානු – යුක්‍රේන වසර එකහමාරකට වැඩි කාලයක් පුරා පැවති සටන්වලදී රුසියාව විසින් සංඛ්‍යා ලේඛන නිකුත් නොකළද විශාල ජීවිත හානි සිදුවී ඇතැයි සැලකෙන අතර, ක්‍රෙම්ලිනයේ වෙබ් අඩවියේ පළ කරන ලද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයේ සදහන්ව ඇත්තේ මෙම නව බඳවා ගැනීම් මෙහෙයුමක් හරහා ක්‍රමයෙන් වැඩි කරන බවයි.

එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, “රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි සෙබළුන් සංඛ්‍යාව වැඩි කිරීම කොන්ත්‍රාත්තුවක් යටතේ හමුදා සේවයේ යෙදීමට කැමැත්ත ප්‍රකාශ කරන පුරවැසියන් මත පදනම්ව අදියර වශයෙන් ක්‍රියාත්මක වේ,” යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...