රුසියානු හමුදා ශක්තිමත් කිරීමට සෙබළුන් 1,320,000 දක්වා ගෙන ඒමට පුටින් සැරසේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව සෙබළුන් 170,000 ක් පමණ එක් කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් රුසියානු හමුදා සංඛ්‍යාව 15% කින් වැඩි කිරීමේ නියෝගයකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංඛ්‍යාව එක් කරන්නේ පළමු අදියර ලෙසද දන්වා ඇත.

ඒ් අනුව රුසියානු හමුදා ශක්තිය සෙබළුන් 1,320,000 දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වේ. මෙම පියවර නේටෝ ව්‍යාප්තිය ඇතුළු තර්ජන වැඩිවීමට ප්‍රතිචාරයක් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත.

රුසියානු – යුක්‍රේන වසර එකහමාරකට වැඩි කාලයක් පුරා පැවති සටන්වලදී රුසියාව විසින් සංඛ්‍යා ලේඛන නිකුත් නොකළද විශාල ජීවිත හානි සිදුවී ඇතැයි සැලකෙන අතර, ක්‍රෙම්ලිනයේ වෙබ් අඩවියේ පළ කරන ලද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයේ සදහන්ව ඇත්තේ මෙම නව බඳවා ගැනීම් මෙහෙයුමක් හරහා ක්‍රමයෙන් වැඩි කරන බවයි.

එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, “රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි සෙබළුන් සංඛ්‍යාව වැඩි කිරීම කොන්ත්‍රාත්තුවක් යටතේ හමුදා සේවයේ යෙදීමට කැමැත්ත ප්‍රකාශ කරන පුරවැසියන් මත පදනම්ව අදියර වශයෙන් ක්‍රියාත්මක වේ,” යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...