හිටපු ජනාධිපතිට එරෙහිව නඩු කියන්න සැරසෙන මන්ත්‍රී රිෂාඩ්!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මහතාට එරෙහිව නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිම්න්තුවේදී කරුණු දක්වමින් චෝදනා කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා එක්ව තමන්ව වසර 5ක් සිරගත කර තැබීමට දේශපාලන වාසි තකා සැලසුම් කළ බවයි.

තමාට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම විෂය පථය යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ නිසා තමාට එරෙහිව පවරා ඇති සියලුම නඩුවලින් තමා නිදහස් කර ඇති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

නීතියට පටහැනිව තමන්ව වැරදි ලෙස රඳවා තබා ගැනීමට එරෙහිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලුම නිලධාරීන්ට එරෙහිව ලබන සතියේ නඩු පවරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...