උද්ඝෝෂණවලට සාකච්ඡාමය විසඳුම් මිස පොලීසිය යොදා මර්දනය කිරීම කිසිසේත් අනුමත කරන්න බෑ – ස්ටාලින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වෘත්තීය සමිති ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කර විසඳුමකට පැමිණීම මිස උද්ඝෝෂණවලට පහරදී හිරිහැර කිරීම අනුමත නොකරන අතර උද්ඝෝෂණයන් තුළ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාත් අනුමත නොකරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

ඊයේ (දෙසැම්බර් 02) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති පාසල් සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂණයේදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“උද්ඝෝෂණය තුළ සිදුවෙච්ච සිද්ධීන් සම්බන්ධයෙන් අපි කණගාටුව පළකරනවා. මේක බරපතළ ප්‍රශ්නයක්. ඒ වගේම උද්ඝෝෂණය කිරීම අයිතියක්. ඒවාට පහරදීම ඒවාට හිරිහැර කිරීම අපි අනුමත කරන්නේ නෑ. මොන ඉල්ලීම ආවත් ඒ ඉල්ලීම සාකච්ඡා කරලා සාකච්ඡාවෙන් තමයි ඉල්ලීම් ලබාදීම සිදුවිය යුත්තේ. මර්දනයෙන් ඉල්ලීම් යටපත් කරන්න කාටවත් බෑ. ඒක නිසා සාකච්ඡාවෙන් තමයි ඉදිරියට යන්න ඕනෙ. කෙසේවෙතත් යම්කිසි ආකාරයට උද්ඝෝෂණයන් තුළ සිදුවෙන ප්‍රචණ්ඩ ක්‍රියාත් අපි අනුමත කරන්නෙ නැහැ ඇත්තටම. පැහැදිලිවම අපි කියන්න ඕනෙ ඉල්ලීම් ලබාගැනීම සඳහා පිළිවෙලට යන උද්ඝෝෂණවලදී ආණ්ඩුව පැත්තෙන් ඒවාට සවන්දීලා අවශ්‍ය පියවර ගැනීම වැදගත් කියන කාරණාව තමයි අපට කියන්න තියෙන්නේ. අපි දන්නවා රනිල් – රාජපක්ෂ ආණ්ඩුව පහුගිය කාලෙ උද්ඝෝෂණවලට සලකපු ආකාරය. ඒ උද්ඝෝෂණ ආවාම උද්ඝෝෂණ මැඩපවත්වන්න ගත්ත ක්‍රියාමාර්ග. ඔවුන් පාරට බහින්නවත් දීලා තිබුණෙ නෑ. නමුත් දැන් වර්තමාන තත්වය තුළ ඒ රනිල් – රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ඉස්සරට යාමේ අවශ්‍යතාවයක් නෑ. උද්ඝෝෂණ පැන නඟින්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ගන්න ක්‍රියාමාර්ග එක්ක තමයි ඒවා තීරණය වෙන්නෙ. එතකොට උද්ඝෝෂණයකදී පොලීසිය යොදලා ඒක මර්දනය කිරීම අපි කිසි ලෙසකින් අනුමත කරන්නෙ නෑ”

ජෝෂප් ස්ටාලින් මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අදාළ උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුවී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...