අවුුරුදු 19 න් පහළ බාලිකා ජාතික කණ්ඩායමට කොළඹින් දෙකක් පමණයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 03,(LNW) කොළඹ :

ලංකාවේ කොළඹ කේන්ද්‍රීය පාසල්වලට වඩා දුර පළාත්වල ක්‍රීඩිකාවන් නියෝජනය කරන මෙවර ආසියානු කුසලාන අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් හරහා පැමිණ තිබෙන්නේ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය නියෝජනය කරන මනුදි නානායක්කාර සහ කොළඹ අනුලා විද්‍යාලයේ දැහැමි සනුත්මා පමණයි.ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩ පිළිවෙල ආරම්භයේ සිටම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඇල්ම බැල්ම ගම් දනව් කරා විහිදී යාමේ ප්‍රතිපලයක් ලෙස මේ වන විටත් කාන්තා ක්‍රිකට්වල අනාගතයට වැඩි ශක්තිය සැපයීම වෙනුවෙන් ගමේ ක්‍රීඩිකාවන් සූදානම්ව සිටින බව පැහැදිළි වෙනවා.


මෙම කණ්ඩායමට ත්‍රිකුණාමලය,අම්පාර,මොණරාගල,මහනුවර,මාතර සහ කුරුණාගල ප්‍රදේශවලින් ක්‍රීඩිකාවන් ඇතුළතව සිටින අතර රත්ගම දේවපතිරායෙන් සංචාරයට අතිරේක ක්‍රීඩිකාවක ලෙස එක්වන ක්‍රීඩිකාවද ගත් විට මෙම සංචාරයේ සිටින දේවපතිරාජ ක්‍රීඩිකාවන් ගණන හතක් වෙනවා.ඒ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ටී.එම්.ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමිනි තිලකරත්නට ද කණ්ඩායමේ සිටිනවා.


අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන එම ශ්‍රී ලංකා කණ්ඩායම ආගමික ආශිර්වාදය මැද දෙසැම්බර් 02 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා.මනුදි නානායක්කාර නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය පැවරී තිබෙන්නේ රශ්මිකා සෙව්වන්දිටයි.ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට ප්‍රථම ඔවුන් ආගමික වතාවත්වල නියැලි අයුරු සහ කණ්ඩායම් ඡායාරූපය මේ සමඟ දැක්වෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...