මත්කුඩු ජාවාරම්කරුවකුට අද ලැබුණු තීන්දුව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ (LNW):

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් හයයි දශම පහක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු වූ විත්තිකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළ බව වාර්තා වේ.

රාජු විශ්වේන්ද්‍රන් නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩුව ගොනුකර තිබුණු අතර, ඒ 2021 වසරේ ජුනි මස 21 වනදා මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමපුර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.5ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ බව සඳහන් වේ.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇති බව, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කර ඇති අතර ,

ඒ අනුව, මාස අටකට වඩා අඩු කාලයක් තුළ නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් පැමිණිල්ලට ස්තූතිය පලකළ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...