කොළඹ LNW: මාලිමා ආණ්ඩුව බලයට පත්වීම ගැන විවිධ කෝණයන් ගෙන් බලා කෙරෙන විමර්ශන බොහෝ ය. ඇතමෙකුට අනුව මෙය 76 වසරක අසාර්ථක භාවයට දුන් සෘජු පිළිතුරකි. තවකෙකු මෙය දකිනුයේ හුදු රනිල් විරෝධයක් ලෙසය. ජීවන බර මේසා විශාල ලෙස ඉහළ යෑමෙි එකම වරද ලෙස දකින පිරිසක් ද සිටිති. සමහරු සිතන්නේ ඕනෑ තරම් විසඳුමි තිබියදී රනිල්ගේ ඇමරිකන් ගායට ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දීග කෑ බවය. ඇතැම් වාමවාදී පොතේ ගුරාලා කසාය බිව් ගොලුවන් සේ දැන් නිහඬය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විකුණුවාය කියන ආයතන ගැන කතා කරනු ඇසෙන්නේම නැත.
කෙසේ වුවත් ජාතික ජන බලවේගය බලයට පත්වීම මා නම් දකින්නේ සිද්ධි දාමයක මිශ්‍ර ප්‍රතිථලයක් ලෙසය. අධික ජීවන බර, ප්‍රභූ පන්තිය අතුගා දැමීමෙි ගාමක බලවේගයයි. ලාංකීය දේශපාලන සන්දර්භය තුළ හැරවුම් ලක්ෂය ලෙස මා දකිනුයේ අරගලයයි.
කෙසේ වුව මෙය ශ්‍රී ලාංකීය දේශපාලනය තු ළ සිදුවූ පරිණාමීය අවස්ථාවක් ලෙසද සනිටුහන් කළ හැකිය. නිදහසින් පසු බිහිවූ එජාප පාලනයට විකල්පයක් ලෙසිනි බණ්ඩාරනායක යුගය බිහිවූයේ. එයටද විකල්පයක් ලෙස 1970 දී වාම පක්ෂ සමග සන්ධාන ගතවු ශ්‍රී ලනිප රජයක් බිහිවිය. මේ ආකාරය ට තටිටු මාරු ක්‍රමයට වාම මිශ්‍ර ශ්‍රීලනිප හා එජාප ආණ්ඩු බිහිවිය. මේ 76 වසර පුරාවට කිසිම දෙයක් නොසිදු වූයේය යන්න සත්‍ය නොවේ. ප්‍රමාණවත් තරම් දෙයක් නොසිදු වූයේය යන්න සත්‍යය.
76 වසරක් පුරාවට බලයේ සිටි ආණ්ඩු කළ කී දෑ වෙනම සාකච්ජා කළ යුතුය. එහෙත් අවශ්‍ය තරම් සංවර්ධනයක් හෝ දේශපාලන ප්‍රතිසංස්කරණ නොකිරීම වර්තමාන දේශපාලන පරිණාමයට උත්තේජනයක් වූ බවය මගේ අදහස. මෙය සිදුවිය යුතුම වූ දේශපාලන පරිණාමීය සංසිද්ධියකි. ප්‍රභූ පන්තියෙන් සාමාන්‍ය පන්තියට බලය හුවමාරු වීම ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකිය. කෙසේ හෝ දැන් ඇත්තේ එම ජයග්‍රහණය නඩත්තු කරගෙන ඉදිරියට යෑමය. නමුත් තවම නම් දක්නට ඇත්තේ ජයග්‍රහණය නිසා ගිනිකන වැටුණු ස්වභාවයක් පමණි.
උපාලි කොළඹගේ
