ආපදා මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළට. 366 ක් අතුරුදන් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම තවත් පුද්ගලයින් 366 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ නිකුත් කළ වාර්තාවෙහි සඳහන් වන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්,කුරුණෑගලින් මරණ 53ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා වී ඇත.

එසේම මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 171 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 73ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇති බවත් එම වාර්තාවෙහි සඳහන්.

පවුල් 437,507කට අයත් පුද්ගලයින් 1,558,919 දෙනෙක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...