නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW:
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ දෙවන තුන්දින තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායමට වඩා කඩුලු 2 ක් අතැතිව ලකුණු 61 ක් ඉදිරියෙන් සිටිනවා.ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය ඉදරියේ ලකුණු 122 ට සීමා වූ බංගලාදේශ කණ්ඩායමට එරෙහි පිළිතුරු ඉණිම ඊයේ දිනය නිමාවෙද්දී රෙහාන් පීරිස් නොදැවී රැස් කරගෙන සිටින ලකුණු 114 ත් සමඟ කඩුුලු 2 ක් දැවී ලකුණු 183 ක් ලෙස සටහන් වුණා.
ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි රෙහාන්,සිය ආරම්භක සඟයා වන අරෝෂ සිතුමිණ ලකුණු නොලබා දැවී යාමෙන් පසු හිරුන් මතීෂ සමඟ දෙවන කඩුල්ල සමඟ ලකුණු 69 ක සබඳතාවයක් ඇති කරන්නට දායක වුණා.හිරුෂ ලකුණු 18 ට දැවී ගිය පසු පකිස්තාන පන්දු යවන්නන්ට හිතට කිසිඳු සහනයක් නොඳුන් රෙහාන්,ජේසන් ප්‍රනාන්දු නොදැවී ලබා සිටින ලකුණු 51 සමඟ තෙවන කඩුල්ලට ලකුණු 113 ක නොබිදි සබදතාවයක් ඇති කරගෙන තිබෙනවා.
බංගලාදේශ ඉණිම ලකුණු 122 ට සීමා කරන්නට මූලිකත්වය ගත් ලාංකේය පන්දු යවන්නන් අතර මනිත රාජපක්ෂ ලකුණු 21 ට සහ මිනුග නෙත්සර ලකුණු 34 ට කඩුලු 3 බැඟීන් දවා ගත්තා.ඊට අමතරව හිමරු දේශාන් කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණේ ලකුණු 44 ට යි.
