මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින අයවැය යෝජනා වෙනස් කර නව අයවැයක් කඩිනමින් ගෙන එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට යෝජනා කරයි.

එළඹෙන 05 වැනිදා අයවැය තෙවනවර කියවීම සම්මත කරගැනීමට නියමිතය.

ඒ අනුව ඉදිරිපත් කර තිබෙන අයවැය අනුමත කර ගැනීමට පෙර එය ආපදාවෙන් පසු රටේ තත්ත්වයට සුදුසුද කියා සොයා බැලිය යුතු බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

මේ අවස්ථාවේ කළ යුත්තේ අවතැන් වූ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණය ගැන සංවේදී වී තව දින ලබා ගෙන නව අයවැයක් කෙටිකාලීනව සකස් කර විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන්, ආපදාවට ලක් වූ ප්‍රදේශ ගොඩනගන අයවැයක් සකස් කිරීම බව ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකයා මේ බව පැවසුවේ අද (03) පාර්ලිමේතුවේදී අදහස් දක්වමිනි.

මේ අතර නව අයි. එම්. එෆ් ගිවිසුමක් ඇති කර ගැනීම ගැනද සාකච්ඡා කළ යුතු බව ඔහු තවදුරටත් කියාසිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...