ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 68 ක අයවිය යුතු මුදලක්!

Date:

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 68 ක මුදලක් අය විය යුතුව පවතින බව වාර්තාවේ.

ගබඩා පහසුකම් ලබාගෙන මුදල් නොගෙවූ ආයතන 6කට සහ මේ වනවිට ගබඩා පහසුකම් ලබාදී ඇති ආයතන දෙකකට එරෙහිව නඩු පවරා ඇති බව ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව සතුව පවතින ගබඩා 120 න් 57 ක් රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෙත ලබාදී ඇති අතර ගබඩාවල ආහාර සංචිත නොමැති වුව ද ඔවුන් ලබාගෙන ඇති ගබඩා සඳහා වන හිඟ මුදල් ගෙවීම අනිවාර්ය වේ.

පසුගියදා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත්කළ විගණන වාර්තාවකට අනුව රුපියල් කෝටි 12 කට ආසන්න හිඟ මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත අය විය යුතුව පැවතුණි.

ඊට අදාළව හිඟ මුදල් ගෙවීමට ඇති ආයතන කෝපා කමිටුව වෙත කැඳවා තිබු අතර එහිදී අදාළ ආයතන දැනුවත් කිරීමෙන් අනතුරුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ගබඩා පහසුකම් ලබාගත් ආයතනවලින් හිඟ මුදල් ගෙවීම සිදුකර තිබේ.

කෙසේවෙතත් ගබඩා පහසුකම් ලබාගත් තවත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයකින් හිඟ මුදල් අය විය යුතුව පවතින අතර ඒ පිළිබඳව අදාළ ආයතන වෙත දැනුම්දීමට පියවර ගෙන ඇති බවත් ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා සඳහන් කළේය.

මේ අතර ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට හිමි වූ සහල් මෙට්‍රික් ටොන් 4,000 ක්, පරිප්පු මෙට්‍රික් ටොන් 6,000 ක් සහ තායිලන්තයෙන් හිමිවූ සහල් මෙට්‍රික් ටොන් 1,000 ක් මේ වන විට ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා සතුව පවතී.

එම භාණ්ඩ අලෙවි නියෝජිතයින් හරහා දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයින් වෙත ලබාදිම සිදු කෙරෙන බව සඳහන් වේ.

රෂිකා හෙන්නායක
2022.12.03

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිස්ටම් චේන්ජ් මිත්‍යාව ….

ජ.වි.පෙ. ජයග්‍රහණය කරපු එකෙන් සිදු උන එකම හොඳ දෙය...

එක බඩුවකට එක කඩයක් : ඉතිහාසයේ පළමු වරට ඇමති හඳුන් දුඹුරු සීනි විකිණීමට වෙනම කඩ දායි

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි සැල් ජාලය ඊයේ...

ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අවම වශයෙන්...

මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026...