පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත වලංගුද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවත් මේ පනතේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස තහවුරු වීමත් නඩු පැවරිය නොහැකි වීමත් සඳහන් වුවත් මේ පනතේ ප්‍රතිපාදන ගණන් නොගෙන පාර්ලිමේන්තු සභාගර්භය තුළ අදහස් දැක්වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග සිදුවන බවත් මෙය බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැකගන්න සම්මත වී ඇති වරප්‍රසාද පනත උල්ලංඝනය කරන පුද්ගලයන් වරප්‍රසාද කමිටුවට ගෙන නොඑන්නේ ඇයි ද කියා ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙය බරපතල කරුණක් බව යි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (2) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අදහස් දක්වමිනි.
වැඩබලන පොලිස්පති පත් වූ ආකාරය විපක්ෂ නායකවරයා පැහැදිලි කරයි
ව්‍යවස්ථාදායක සභාවේ ගන්නා තීන්දු තීරණ එළිපිට කතා නොකෙරුවත් කිසියම් අපැහැදිලි තැනක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමේ ක්‍රියාවලියේ දී එය ව්‍යවස්ථාදායක සභාවේ අනුමත වූ බවට මාධ්‍ය වාර්තා පළ වුවත් ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ 5යි 3 තීන්දුවක් තුළ එම අනුමත වීම සිදුවූ බවත් තමාත්, කබීර් හෂීම් මහතා සහ තවත් අයකු එයට විරුද්ධව මත පළ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට බංකොලොත් කල පුද්ගලයන් හෙළිදරව් කරමින් අධිකරණ ජනතාවගේ අයිතීන් සුරක්ෂා කළා
තවද අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම නිසා රට බංකොලොත් වීමත් සමඟ එය මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සලකා ශ්‍රේෂ්ඨාධිකරනයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල බංකොලොත් වූ රටේ ජනතාවට සහනයක් ලැබෙන තීන්දුවක් ලබා දුන් බවත් මේ තීන්දුව තුළින් මිලියන 600-700ක මූල්‍ය වරදාන වරප්‍රසාද ලබා දීමත් ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා අඩු කිරීමත් හේතුවෙන් රට බංකොලොත් කළ පුද්ගලයන් කවුරුන්ද කියා අනාවරණය වූ බවත් මේ අධිකරණ ක්‍රියාදාමය රටේ ජනතාවගේ අයිතීන් සුරක්ෂා කරන්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දෙන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි
නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ හානියෙන් දැවැන්ත හානියක් සිදුවූ බවත් ඊට පෙර ද ත්‍රිකුණාමලයේ ද නැවක් පාදක කර ගෙන සිදුවීමක් වූ බවත් මේ සිදුවීම් දෙකෙන්ම පාඩමක් ඉගෙන නොගත් බවත් ඒ නිසා එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකයට මුහුණ දෙන්න හරියාකාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවත් මේ වන විට වන්දි ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක් වුවත් දැන්වත් මෙවැනි ව්‍යසන වලට මුහුණ දෙන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන ගණනාවක් එකට එකතු වී අනාගතයේ මෙවැනි දෙයක් සිදු වුවහොත් එය සදහා මුහුණ දීමේ කඩිනම් වැඩසටහනක් ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට නව අර්ථකථනයක් අවශ්‍යයි
මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බටහිර කේන්ද්‍රීය සංකල්පය අනුව එය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වලින් යුක්ත වුවත් අධිරාජ්‍යවාදයට යටවූ රටවල් නිදහස ලැබීමෙන් පසු මෙකී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතිය, අධ්‍යාපන, ආගමික, පාරිසරික අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකම් විය යුතු බවට මතයක් ඉදිරිපත් කළ බවත් ඒ මතයේ සමගි ජන බලවේගය ද සිටිනා බැවින් දකුණු අප්‍රිකාවේ මෙන් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සංශෝධය කර මෙම අයිතිවාසිකම් ද ඇතුළත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
RN
