වැඩියෙන්ම වටින ඇවිද්ද පා ගර්ෂියා සහ බොන්ෆිම් සතු වීම

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලෝක මලල ක්‍රීඩා පිටියේ 2022 -2023 වසරවල් සඳහා ඇවිදීමේ තරග ඉසව්වල සමස්ත සූරිය සහ සූරයා ලෙස පේරු හි කිම්බර්ලි ගාර්ෂියා සහ බ්‍රසීලයේ කායෝ බොන්ෆිම් තහවුරු කර ඇත. ලෝක සූරිය සහ සූරියා තේරී සඳහා ලකුණු පිරිනමන ක්‍රමය සළකා බලද්දී වැඩිම ලකුණු ලබමින් ඔව්හූ, ඇවිදීමේ සූරයා සහ සූරිය වෙමින් ඇමෙරිකානු ඩොලර් 25000 බැඟින් දිනා ගැනීමට සුදුස්සෝ වූහ.

ගාර්ෂියා 2022 දී දෙවතාවක් ලෝක ශූරිය වූවාය. 2:37:44 ලෝක වාර්තාවකින් ඩූඩින්ස් හි කිලෝමීටර් 35 ක් ජය ගනිමින්, සිය වසර ආරම්භ කළ ඈ, මාසයකට පසු, ඇය වෝර්සෝ හි කිලෝමීටර 20 තරගය ජයග්‍රහණය කළාය,සති කිහිපයකට පසු රියෝ මයියර් හි දි ඇය සංයග්‍රාහී පූවරුව මතට ගොඩ නැඟේන්නට අසමත් වුව ද,ජූනි මාසයේදී La Coruna හි 1:26:40 දක්ෂතාවයක් පෙන්නුම් කරමින්, ජාතික වාර්තාවක් සමඟ කිලෝමීටර් 20 තරඟයක් ජයග්‍රහණය කළාය.බුඩාපෙස්ට් හි පැවති ලෝක ශූරතාවලියේදී, ගාර්ෂියා කිලෝමීටර් 20 ට වඩා සිව්වන ස්ථානයට පත් වී, කිලෝමීටර් 35 දී රිදී පදක්කමට හිමිකම් කීවේය.

මෙක්සිකෝවේ ඇලෙග්නා ගොන්සාලෙස් සහ ඕස්ට්‍රේලියාවේ ජෙමීමා මොන්ටැග් වසර අවසාන කාන්තා ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබා ඇත.

කායෝ බොන්ෆිම්ගේ මෙම වසරේ සංචාරයේ පළමු සහභාගීත්වය ඩූඩින්ස් හි දී සිදු වූ අතර එහිදී ඔහු කිලෝමීටර 35 තරගයේදී දෙවන ස්ථානයට පත්විය. ඉවික්බිති ඔහු වෝර්සෝ හි කිලෝමීටර් 20 ක තරගය ජයග්‍රහණයකින් ද, රියෝ මයියර් හි අනුශූරතාව සහ ලා කොරුනා හි ජයග්‍රහණය ජාතික වාර්තාවක් වූ 1:18:29 ක දක්ෂතාවයකින් නිම කරන්නට සමත් විය.බුඩාපෙස්ට් හි පැවති ලෝක ශූරතාවලියේදී ඔහු කිලෝමීටර් 20 ලෝකඩ පදක්කමට හිමිකම් කී අතර, නැවත වරක් ඔහුගේම ජාතික වාර්තාව 1:17:47 කින් වැඩි දියුණු කර ගත්තේය. දින පහකට පසු, ඔහු කිලෝමීටර් 35 ඉසව්වේ 10 වැනි ස්ථානයට පත් වීම,මේ වසරේ ඔහු පළමු ස්ථාන තුනෙන් තොරව අවසන් නොකළ එකම තරඟය විය.

ස්වීඩනයේ පෙර්සෝස් කාර්ල්ස්ට්‍රෝම් සහ ඉක්වදෝරයේ බ්‍රයන් පින්ටාඩෝ පිරිමි අංශයේ සමස්ථ ශ්‍රේණිගත කිරීම්වල දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගෙන ඇත.

2023-2024 ලෝක ඇවිදීමේ සූරතාවය සඳහා වන තරග වාරය දෙසැම්බර් 17 වෙනිදා ඩබ්ලින් හිදී ආරම්භ වේ, 2022-2023 ලෝක ඇවිදීමේ තරගාවලියේ සමස්ත සූරතාවය තීරණය වීමේදී ලැබුූ ලකුණු සහ ස්ථාන විමසා බලද්දී කාන්තා සහ පිරිමි අංශවල මුල් ස්ථාන පහ දැක් වුණ ආකාරය පහතින් දැක් වේ.
කාන්තා
1 කිම්බර්ලි ගාර්ෂියා – පේරු – 4092
2 අලේග්නා ගොන්සාලේස් – මෙක්සිකෝව – 3881
3 ජෙමිමා මොන්ටැග් (AUS) 3864
4 ඇන්ටිගොනි එන්ට්‍රිස්ම්පොටී – ජර්මණිය – 3847
5 ග්ලෙන්ඩා මොරිජෝන් – ඉක්වදෝරය – 3746

පිරිමි
1 කායෝ බොන්ෆිම් – බ්‍රසීලය – 4075
පෙර්සෙස් කාලර්ස්ට්‍රෝම් – ස්වීඩනය -4032
3 බ්‍රයන් පින්ටාඩෝ – ඉක්වදෝරය – 4008
4 ඩෙක්ලෘස් ටින්ගේ – ඕස්ට්‍රේලියාව – 3890
5 ක්‍රිස්ටෝපර් ලින්ක් – ජරිමණිය – 3886

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...