ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුතුරාජවෙලදී, ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදිකිරීමට නියමිත අතර, එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිතයි. එහි ඉදිකිරීම් කටයුතු අවසන් වන්නේ 2026 වසරේදී බවද සදහන් වේ.

මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 350 කි. එය ඉදිකිරීමට වැය වන මුදල රුපියල් මිලියන 750 ක් වේ.

මෙම බලාගාරය ඉදිකිරීම් සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩමක් ලබා දී තිබේ. මෙම ඉඩම ලබා දීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිශ්‍රයේදී පසුගියදා (01) සිදු විය.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ගිවිසුම සදහා අත්සන් තැබූහ.

රාජ්‍ය හා පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘති සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ඉඩම් සුදුසු පරිදි යොදවන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම සංස්ථාවට උපදෙස් දී තිබු අතර මෙම ඉඩම ලබා දුන්නේ ඒ අනුවයි. ලංකා විදුලිබල මණ්ඩලයට මෙම ඉඩම ලබා දීමෙන් රුපියල් මිලියන 720 ක ආදායමක් උපයන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සදහන් කරයි.

මෙම විදුලි බලාගාර ව්‍යාපෘතියට අදාලව භූගත නළමාර්ග පද්ධතියක් (ඩීසල් හා සිසිලන ජලය) ඉදිකිරීම සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුතුරාජවෙල පිහිටි අක්කර 2 ½ ක ඉඩමක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත වසර 30 කට බදු දීමට අදාල ගිවිසුමකටද මෙහිදී සභාපතිවරු විසින් අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදිකෙරෙන්නේද මේ ආශ්‍රිතවයි. එහි ඉදිකිරීම් කටයුතු 2021 වසරේදී ආරම්භ කෙරුණු අතර ඉදිකිරීම් වසර 3 ක කාලයකින් අවසන් කිරීමට නියමිතයි. මෙම විදුලි බලාගාරය මෙගාවොට් 350 ක විදුලි ධාරිතාවයකින් යුතුවේ. මෙම බලාගාර දෙක ඉදිකර අවසන් වන විට මෙරට ජාතික විදුලිබල පද්ධතියට එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 700 කි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...