*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අස්වැසුමට ලෝක බැංකුවෙනුත් සැලියුට් එකක්!

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ප්‍රජාව සඳහා වන “අස්වැසුම” සමාජ සුබසාධන වැඩසටහන පෙර පැවති ආකෘතියට වඩා යම් වෙනස් වීමකට ලක්ව ඇති බව ලෝක බැංකුවේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කරයි.
සාර්ථක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ රටේ ජනතාවගේ දුක්ගැනවිලි අවධානයට ගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඔහු එහිදී අවධාරනය කළේය.

වත්මන් ආර්ථික අර්බුදය මධ්‍යයේ දුප්පතුන්ට සහ අවදානමට ලක්වූවන්ට ආධාර කිරීම සඳහා නිර්මාණය කර ඇති මුලපිරීමක් ලෙස “අස්වැසුම” සමාජ සුබසාධන වැඩසටහන හැඳින්විය හැකි බව ලෝක බැංකුවේ රටේ අධ්‍යක්ෂ Faris Hadad-Zervos පැවසීය.

ලෝක බැංකු තාක්ෂණික සහාය ඇතිව රජය විසින් මෙහෙයවන මෙම වැඩසටහන දේශපාලන ඇඟිලි ගැසීම් අවම කිරීම සහ ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් සහතික කිරීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක විය යුතු බව ලංකා වානිජ මණ්ඩලයේ ‘Sri Lanka Economic Summit 2023’ අමතමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

“අස්වැසුම” සමාජ සුබසාධන වැඩසටහන තුළින් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රතිලාභ සෘජුව පැවරීම, මූල්‍ය ඇතුළත් කිරීම් වැඩි කිරීම සහ දේශපාලුවන්ට ගසාකෑමට ඇති අවස්ථා අවම කිරීම ආදී හේතූන් නිසා මෙම සමාජ සුබසාධන වැඩසටහන පෙර පැවති ආකෘතියට වඩා යම් වෙනස් වීමකට ලක්ව ඇති බව ද පවසයි.

මෙම සර්ථකත්වය ඉදිරියේදී වැඩසටහනට එකතු වීමට නියමිත අයවලුන්ට, දුප්පතුන්ට සහ අවදානමට ලක්වූවන්ට සේවය කරන සුභසාධන වැඩසටහනක් සඳහා වන ලෝක බැංකුවේ දැක්ම සමඟ සමපාත වන බව පෙන්වා දෙයි.

2023 දී ලෝක බැංකුව විසින් ලබා දුන් මූල්‍ය ආධාර පිළිබඳ අවබෝධයක් ලබා දෙමින්, Hadad-Zervos විසින් ඩොලර් මිලියන 850 ක ආධාර පිළිබඳ අනාවරණයක් කරන ලදී.
අයවැය ආධාර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක්, සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 200 ක් සහ මූල්‍ය අංශයේ ආරක්ෂණ වැඩසටහනක් සඳහා වෙන් කර ඇති ඩොලර් මිලියන 150 ක් එයට ඇතුළත් ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan