හිටපු දේශපාලඥයන් දෙදෙනෙකුට අනවසරයෙන් පදිංචිවී සිටින වතු බංගලා බාරදීමට සිදුවන ලකුණු!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දික්වැල්ල වතුයාය සහ උනුගල්ල වතුයාය සමාගම් දෙකකට මීට වසර කීපයකට ඉහතදී බද්දට ලබාදී ඇති අතර, එම වතු සමාගම් දෙකකට අයත් වතු බංගලාවල අනවසරයෙන් පදිංචිවී සිටින දේශපාලඥයන් දෙදෙනාගෙන් එම බංගලා වහාම ලබාගැනීමට කටයුතු කරන ලෙස, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් එම සමාගම්වලට දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් දික්වැල්ල වතු බංගලාවකද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් උණුගල්ල වතුයායේ වතු බංගලාවකද දැනට කාලයක් තිස්සේ අනවසරයෙන් පදිංචිව සිටින බව අනාවරණය වී ඇත. එබැවින් වහාම අමාත්‍යාංශය විසින් එම වතු සමාගම් දෙකට දැනුම්දී ඇත්තේ, අදාළ වතු බංගලා දෙක බාරගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09)දිනයේදී නේපාලයේ තරුණ...

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...