මුල්‍ය වංචා හේතුවෙන් හන්ටර් බයිඩන්ට සමාව දෙන්නේ නම් හෂ් මුදල් නඩුවෙන් ට්‍රම්ප් නිදහස් විය යුතුබව ඔහුගේ නීතීඥයින් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ජෝ බිඩෙන්ගේ පුත් හන්ටර් බයිඩන්හට තුවක්කු යුගලයක් සහ බදු පැහැර හැරීම සම්බන්ධයෙන් මේ මස අගදී දඬුවම් නියම කිරීමට පෙර සිය ජනාධිපති බලය භාවිතා කරමින් සමාව ලබා දී තිබේ.

මේ තීරණය පුර්වාදර්ශ කර ගනිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේ නීතීඥයින් මෑන්හැටන් හෂ් මුදල් නඩුවේ ට්‍රම්ප්ගේ වරදකරු වීම ප්‍රතික්ෂේප කළ යුතු බවට තර්ක ඉදිරිපත් කර ඇති අතර එම සමාව දීමේ තර්කයට අමතරව, ට්‍රම්ප්ගේ නීතීඥයින් විනිසුරුවරයාට ප්‍රකාශ කර තිබුණේ, පසුගිය මාසයේ ඔහු නැවත තේරී පත්වීම නිසා ඔහුගේ නඩු නිෂ්ප්‍රභ කළ යුතු බවයි.

අධිකරණ දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කරන බවට දිවුරුම් දෙමින් බිඩෙන් කාර්යාලයට පැමිණි දා සිට සහ ඔහු තම පුතාට සමාව නොදෙන බව නැවත නැවතත් ප්‍රකාශ කළ ද ජෝ බයිඩන් ධවල මන්දිරයෙන් පිටව යාමට සති කිහිපයකට පෙර සිය තීරණය තමන් විසින්ම බිඳ දමා ඇත.

මේ හේතුවෙන් ඇමරිකානු යුක්තිය පිළිබඳ විශ්වාසය කැළඹී ඇති අතර ජනාධිපතිවරයාට එරෙහිව අප්‍රසාදය වර්ධනය ඇති බව කියවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඹිලිපිටියේ ගරාජයක් තුළින් සම්පත් මනම්පේරි නමැත්තාට අයත් බව කියන මෝටර් රථයක් මතු වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : ඇඹිලිපිටිය පොලීසිය විසින්...

අනුර සහෝදරයා ජනාධිපතිවෙලා අවුරුද්දයි ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙනාවා – ඇමති බිමල්

කොළඹ LNW:අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු ජපානයෙ යන්න….

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා උළෙල...

වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා දමයි.

කොළඹ LNW:වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා...