සජිත් සමාව ගනී!

Date:

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome) නමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ස්වෙච්ජාවෙන් මැදිහත්වීමෙන් කාලගුණය හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සිදුකරමින් තිබුණි.

පරිත්‍යාග ලෙස එම පරිශ්‍රයට එකතු වෙන සියලුම ද්‍රව්‍ය එම ස්ථානයෙන් අවශ්‍යතාව අනුව භාණ්ඩ බෙදා හැරීම සිදුකර ඇත.

එහිදී එම කටයුත්ත වෙනුවෙන් නාගරික කොමසාරිස්වරයා විසින් නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රී කාමරය අසල ඔවුන්ට එම කටයුත්ත සඳහා භුමිය වෙන් කර දී තිබුණි

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ලෙස භාණ්ඩ ලබා ගැනීමට නොහැකි වීමේ තත්ත්වය මත එම ස්ථානයට පැමිණි විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මගින් ඊට විරෝධය පළ කරමින් ඔවුන්ගේ මන්ත්‍රී කමරය අසල ඇති ස්ථානයෙන් වෙනත් ස්ථානයකට යන ලෙස ඔවුන්ට තර්ජනය කරනු ලැබූ අතර එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

එම සිදුවීමට පොදු ජනතාවගේ විශාල විරෝධයක් එල්ල වන අයුරුද සමාජ මාධ්‍ය හරහාම පෙනෙන්නට තිබුණි.

කෙසේවෙතත් මෙම සිදුවීම පාදක කරගෙන සිත් රිදවීම් ඇතිවූ සියලු දෙනාගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විය නිල මුහුණු පොත ඔස්සේ පණිවිඩයක් තබමින් සමාව ගෙන තිබුණි.

”සෝමේ (Soome) සහ ඔහුගේ ස්වේච්ඡා සේවක කණ්ඩායම විසින් සිදුකරන ලද සහන සේවා සම්පාදනයට විරෝධය දැක්වූ සහ බාධා කළ මහනුවර මහ නගර සභාවේ සභිකයන්ට එරෙහිව සමගි ජන බලවේගය විසින් විනය පියවර ගනු ඇත. එම මහ නගර සභා සභිකයන්ගේ අයහපත් හැසිරීම් සහ අනවශ්‍ය ක්‍රියාවන් හේතුකොට සිත් රිදවීම් ඇතිවූවන් වෙතින් සමගි ජන බලවේගය වෙනුවෙන් අවංකව සමාව අයදිමි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

ජනාධිපති පුටින් දිල්ලියේ සංචාරයක; නව ගිවිසුම් රැසක් අත්සන් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...