සිව්වන ලෝක කුසලාන සූපවේදී තරගාවලිය 2022 නියෝජනය කල ශ්‍රී ලාංකික සූපවේදීන් හට ජයග්‍රහණ රැසක්!

Date:

සිව්වන ලෝක කුසලාන සූපවේදී තරගාවලිය (Calinary World Cup – 2022 ) නියෝජනය කළ ශ්‍රී ලාංකික සූපවේදීන් 11 දෙනෙකු රන් පදක්කම් 06 ක්, රීදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනාගැනීමට සමත්වී තිබේ.

ඔවුන් ඊයේ (03) කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය.

මෙම තරගාවලිය පසුගිය නොවැම්බර් මාසයේදී රටවල් 55 ක් නියෝජනය කළ සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් ලක්සම්බර්ග් හිදී පැවැත්වුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ දිමුතු කුමාරසිංහ මහතායි.

තරගාවලිය තුළ උණුසුම් ආහාර සැකසීම (Hot Cooking) සහ ප්‍රේස්ට්‍රි (Pestri ) යන අංශ වල ආහාර පිළියෙල කිරීමේ ඉසව්වලදී වැඩි දක්ෂතා දැක්වීමට තම කණ්ඩායමට හැකිවූ බව සූපවේදී දිමුතු කුමාරසිංහ මහතා පවසයි.

මෙම ජයග්‍රහණයත් සමග ලෝකයේ සංචාරකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට හැකි වන බැවින් මෙම ජයග්‍රහණයන් අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට බෙහෙවින් උපකාර වන බව ද ඔහු සදහන් කළේය.

තරගාවලිය නියෝජනය කිරීම සදහා එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය නියෝජනය කරන සූපවේදීහු 07 දෙනෙක් , ෂැංග්‍රිල්ලා හෝටලය නියෝජනය කරන සූපවේදීහු තිදෙනෙක් සහ බාරෝස් හෝටලය නියෝජනය කරන එක් සූපවේදියෙක් සහභාගී විය.

රෂිකා හෙන්නායක
2022.12.04

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...