සෞදි අරාබියේ වැඩිම වැටුප් ලබන විදෙස් ශ්‍රමිකයන් අතර ලාංකිකයන් බහුතරයක්…

Date:

මෙරට සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි මහතා සමග කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සාකච්ඡාවක් පවත්වා තිබේ.

පාර්ලිමේන්තුවේදී පැවති එම හමුවේදී සෞදි අරාබි තානාපතිවරයා පවසා ඇත්තේ සෞදි අරාබියේ වැඩිම වැටුප් ලබන විදෙස් ශ්‍රමිකයන් අතර ලාංකිකයන් බහුතරයක් සිටින බවය.

සෞදි අරාබිය තුළ මෙරට පුහුණු ශ්‍රමිකයන්ට අවස්ථා රැසක් පවතින බව එම සාකච්ඡාවේදී තානාපතිවරයා සඳහන් කර ඇත.

ඊට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට යෝජනා කළ බව සෞදි අරාබි තානාපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ඉදිරි ආයෝජන සහ රැකියා අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

සෞදි අරාබිය මෙරටට ලබාදෙන සහයෝගය අගය කළ කථානායකවරයා, එම මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කර තිබේ.

රෂිකා හෙන්නායක
2022.12.04

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...