*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

කඩා වැටුණු රටට විසඳුම් දිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය යි: විපක්ෂ නායක සජිත් (VIDEO)

ප්‍රශ්න වලින් හෙම්බත්ව ඇති රට තවත් ප්‍රශ්න වලට ඇද දමනවා වෙනුවට ඒවාට තිරසාර විසඳුම් ලබා දිය හැකි එකම බලවේගය සමගි ජන ජනබලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ සඳහා දක්ෂතම කණ්ඩායම ඇත්තේ සමගි ජන බලවේගයට බවත්,නිවැරදි චින්තනයක්, නිවැරැදි වැඩපිළිවෙළක් සහ තිරසාර දර්ශනයක් සමගි ජන බලවේගය සතු යයිද පැවසූ විපක්ෂ නායකතුමා ඉහත සියලු ශක්තීන් යොදාගෙන මේ රට ගොඩනැගීමට තමන් සූදානම් යැයි ද පැවසීය. සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන බලමණ්ඩල රැස්වීම අමත මින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවති එම බලමණ්ඩල රැස්වීම සංවිධානය කොට තිබුණේ කඩුවෙල සමගි ජන ජනබලවේගයේ ප්‍රධාන සංවිධායිකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසිනි. සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇතුළු නායකයින් රැසක් ඊට එක්ව සිටියහ.

විපක්ෂයේ ඉඳගෙනත් රටට වැඩ කරන හැටි සමගි ජන බලවේගය මේ කෙටි කාලය තුළ ඔප්පු කර ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා හුස්ම සහ සක්වල ඊට කදිම උදාහරණ යැයිද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂලා දිගු කළ කැරට් කළ හෝ කේජු කෑලි කන්නට සමගි ජන බලවේගය කිසිවිටකත් සූදානම් නොවූ බවත්, ජනපතිකම අගමැතිකම් භාරගන්නට කොන්දේසි දැමුවේ රට වෙනුවෙන් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රටම #GoHomeGota කියද්දීත් එය අනුමත කරමින් දින පහක් නුවර සිට කොළඹට #GoHomeGota කියලා පෙළපාලි ආව සමගි ජන බලවේගයට රාජපක්ෂලා සමග එක්ව ආණ්ඩු හදන්නට බැරි යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan