*
Friday, May 17, 2024
spot_img

Latest Posts

විශිෂ්ඨ කලාකරුවකු වූ සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 75 හැවිරිදි වියේ පසු ප්‍රවීණ රංගනශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

විශිෂ්ඨ රංගධරයෙකු වූ සුමින්ද සිරිසේන මහතා වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාව ද එක සේ ජයගත් කලා කරුවෙකි.

ඔහු 1966 වසරේදී කලාවට පිවිස ඇත.

මූදු පුත්තු ඔහු රංගනයෙන් දායක වූ පළමු වේදිකා නාට්‍යය වු අතර කදා වළලු, මනමේ, සිංහබාහු , බවකඩතුරාව, මුහුණු දෙකක්, වෙස් මුහුණු, අන්දකාරය, ආනන්ද ජවනිකා වැනි වේදිකා නාට්‍ය රැසකට සුමින්ද සිරිසේන මහතා සිය දායකත්වය ලබා දුන් අතර, දුහුළු මලක්, දඬු මොනර, ගුරු ගෙදර, සමනල තටු, යකඩ පිහාටු, සප්ත කන්‍යා, නිසල විල, උඩුගංයාමය, ගාමණි, ගිනි කිරිල්ලී වැනි සිනමා නිර්මාණ විශාල සංඛ්‍යාවකට ඒ මහතා රංගනයෙන් දායක විය.

ඔහුගේ පළමු ටෙලිනාට්‍යය “සිහින නිම්නය ‘ වු අතර බෝගල සවුන්දිරිස්, චරිත තුනක්, රම්‍ය සුරම්‍ය, අසනි වැසි, එකට ගැටුම, දුම්රිය අන්දරය, අබුද්දස්ස කාලය, හතර වටේ, ජීවිතය දකින්න, මෙහෙව් රටේ, සඳ අමාවකයි, නිසල විල, යස ඉසුරු, සේපාලිකා, තෙත් සහ වියළි, පිපි පියුම් වැනි නිර්මාණ රැසකට සුමින්ද සිරිසේන මහතා රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ අතර කැපී පෙනුණි.

සුමින්ද සිරිසේන මහතා අවසන් වරට දායක වුයේ බොරළු පාර ටෙලි නිර්මාණයට වන අතර, එහි රූපගත කිරීම් කටයුතු සිදු කරන අවසන් කාලයේදී ඔහු රෝගී තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පසු වසර ගණනාවක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද (04) අලුයම අභාවප්‍රාප්ත වී ඇත්තේ. සුමින්ද සිරිසේන මහතා කලා කීර්ති, කලා භූෂණ, හොඳම නළුවා, සහය නළුවා ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

ලීලා සිරිසේන මහත්මියගේ ආදරණීය සැමියා වූ සුමින්ද සිරිසේන මහතා ප්‍රභාත් සිරිසේන සහ ඡායාරූප ශිල්පී නන්දිත සිරිසේන යන අයගේ ආදරණීය පියාණන් වේ. සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ සාමාජිකයින් සඳහන් කළහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan